ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දලයි ලාමාගෙන් අයිෆෝන් 'ඇප්' එකක්
අනුගාමිකයන්ට තම සංචාර මෙන්ම ඉගැන්වීම් හා යාවත්කාලීනවිම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (App) දලයි ලාමා හිමියන් හඳුන්වා දුන්හ.
ටිබෙට් දේශයෙන් පිටුවහල් කරනලද 82 හැවිරිදි අධ්‍යාත්මික නායකයා සතුව මිලියන 16 ඉක්මවූ ට්විටර් අනුගාමිකයෝ සිටිති.
මුදල් අයකිරීමකින් තොරව භාවිත කළහැකි මෙම නව යෙදවුම දැනට අයිෆෝන් (iPhone) මගින් පමණක් බාගත කරගැනීමට හැකිවේ. එහි ප්‍රවෘත්ති, වීඩියෝ, ඡායාරූප සහ උන්වහන්සේගේ ඉගැන්වීම් තොරතුරු ඇතුළත් වනුඇත.
2013දී රෝමානු කතෝලික සභාව 'පෝප් ඇප්' (Pope App) දියත් කර ලද අතර, එය භාවිත කරන්නන්ට පව් සමාකරගැනීමේ යෙදවුමක් තුළින් තම ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ හැකියාව ද ලබාදී තිබුණි.
තම අනුගාමිකයන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකිරීමටත්, ඔවුන් හා නිරන්තර සබඳතා පැවැත්වීමටත්, විවිධ උපකාර කිරීමටත් වෙනත් බොහෝ ආගමික යෙදවුම්ද ඊට සමගාමිව නිර්මාණ විය.
දලයි ලාමා හිමියන්ගේ මෙම නව යෙදවුම 'දලයි ලාමා' යනුවෙන් සරළව නම්කර ඇත.
දලයි ලාමා හිමියන් හා සම්බන්ධ වෙනත් පුවත්: