දුම්රිය තත්පර විස්සක් කලින් පිටත්වෙලා: "සමාවෙන්න"

ඡායාරූප මූලාශ්‍රය, AFP
දුම්රියක් නියමිත වේලාවට වඩා තත්පර විස්සක් කලින් පිටත්වීම පිළිබඳව ජපානයේ දුම්රිය සමාගමක් සමාව අයැද තිබේ.
එම දුම්රිය තත්පර විස්සකට කලින් පිටත්වීම හේතුවෙන් ඇති වූ "අපහසුතාව ගැන අවංකවම සමාව ඉල්ලා සිටින" බව තෝකියෝ සහ ත්ස්කූබා (Tsukuba) නගරය අතර දිවෙන ත්ස්කූබා එක්ස්ප්‍රස් (Tsukuba Express) සේවයේ කලමනාකරුවෝ පවසති.
නිවේදනයක් නිකුත් කරමින් සමාගම පවසන්නේ අදාළ දුම්රිය ජපානයේ වේලාවෙන් 9:44:40 ට පිටත්වීමට නියමිතව තිබුණු නමුත් ඒ වෙනුවට එය 9:44:20 ට පිටත් වූ බවය.
සමාගමේ එම නිවේදනය පිළිබඳව සමාජ ජාල ඔස්සේ අදහස් දක්වන බොහෝ දෙනා විශ්මය පළ කර තිබුණි.
මිනාමි නගරෙයාවා (Minami Nagareyama) දුම්රිය ස්ථානයේ සිට දුම්රිය කලින් පිටත්වීම පිළිබඳව කිසිදු මගියෙකු පැමිණිලි නොකළ බව ද නිවේදනයේ සඳහන් විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1

End of X post, 2
දුම්රිය නියමිත වේලාවට පිටත්වීම හෝ ගමනාන්තයට ළඟාවීම අතින් ලෝකයේ ඉහළම ස්ථානයක සිටින ජපානයේ දුම්රිය නියමිත වේලාවට කලින් පිටත්වීම ඉතා දුර්ලභ සිදුවීමකි.
වසරකට මිලියන 150 කට ආසන්න මගීන් පිරිසක් ලෝකයේ කාර්ය බහුලම දුම්රිය මාර්ගය වන තෝකියෝ අගනුවර සිට කොබේ (Kobe) නගරය දක්වා දිවෙන තොකයිදෝ (Tokaido) මාර්ගය ඔස්සේ ගමන් කරති.