ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෝවියට් දේශයට සිය වසරක්: මේ කරුණු දැන සිටියාද?
ලෝකයේ ගොඩබිම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 149 කි.
එයින් හතෙන් එකක්, නො එසේනම් වර්ග කිලෝමීටර මිලියන 22 කට වැඩි ප්‍රමාණයක සෝවියට් දේශය විසිරී තිබුණු බව ඔබ දැන සිටියාද?
අදින් සිය වසකට පෙරාතුව, 1917 ඔක්තෝබර් මාසයේ ව්ලදිමීර් ඉලීච් ලෙනින් ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික්වාදීහු ශාන්ත පිතෙර්බුර්ග් නගරයේ හිම මාලිගාව අත්පත් කරගැනීමත් සමග බිහි වූ සෝවියට් දේශය රුසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ගමන් මග වෙනස් කළේය.
සමස්ත ඇමරිකා එක්සත් ජනපදයේ භූමි ප්‍රමාණය එයට වඩා වර්ග කිලෝමීටර මිලියන 10කින් අඩුය. වෙනත් අයුරකින් පවසන්නේ නම් සෝවියට් දේශය සිය ප්‍රතිවාදියාට වඩා දෙගුණයකට වඩා විශාල විය.
සෝවියට් දේශයේ නැගෙනහිර සිට බටහිර දක්වා දිග ආසන්න වශයෙන් කිලෝමීටර් 11,000 කි.
එහි ප්‍රතිඵලය වූයේ රටේ බටහිර ප්‍රදේශයේ වැසියන් උදැසන ආහාරය අනුභව කරන විට නැගෙනහිර පෙදෙසේ වැසියන් රාත්‍රී භෝජනය පවා අවසන් කර තිබීමය.
සෝවියට් දේශය ලෝකයේ කාල කලාප 24 න් 11 ක්ම අයත් වීම එයට හේතුවය.
සබැඳි යොමු:
සෝවියට් දේශය සතුව තිබුණු ආර්ථික ශක්තියත් විශේෂය.
1989 ආර්ථික දත්තවලට අනුව ලොව තුන්වෙනි විශාලතම ආර්ථිකය වූයේ සෝවියට් ආර්ථිකයය.
එදා සෝවියට් දේශයේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන තුනකට ආසන්න විය.
ලොව විශාලම ආර්ථිකයට හිමිකම් කියන ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන හයකට ආසන්න විය.
මිලියන පහකට අධික යුද සෙබලුන් සිටි සෝවියට් දේශයේ න්‍යෂ්ටික යුද ශීර්ෂ 45,000 ක් තිබිණ.
ඔවුන්ගේ බටහිර එදිරිවාදීන් සතුව තිබෙන්නේ න්‍යෂ්ටික යුද ශීර්ෂ 23000 පමණය.
මේ විසි වෙනි සියවසේ අවසාන අධිරාජ්‍යයේ කතාවය. ඒ අධිරාජ්‍යය, සෝවියට් දේශය, 1991 දී රටවල් ගණනාවක් වශයෙන් බෙදී වෙන්විය.
සෝවියට් දේශය ගැන ඔබේ අත්දැකීම බීබීසී සිංහල සේවය සමග බෙදා ගැනීමට කැමතිද?
අප අමතන්න :
+44 (0) 20 36144039
+ 44 (0)20 36140556
+ 44 (0)20 36140555
+ 44 (0)20 36140554
+ 44(0) 20 36140551
+ 44(0) 20 36140552
Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න