සෝවියට් දේශය ගැන ඔබේ මතකය කුමක්ද?

මෙයින් සිය වසකට පෙරාතුව ව්ලදිමීර් ඉලීච් ලෙනින් ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික්වාදීහු ශාන්ත පිතෙර්බුර්ග් නගරයේ හිම මාලිගාව අත්පත් කරගත්තේ නූතන මානව ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

එදා බිහි වූ සෝවියට් දේශය රුසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ගමන් මග වෙනස් කළේය.

සිය වසකට පසුව, කොමියුනිස්ට්වාදයේ සෝවියට් අත්හදා බැලීම බිඳ වැටී ගොසිනි. එහෙත් ඒ අත්හදා බැලීම මගින් ලෝකය වෙනස් කළ ආකාරය ලොව පුරා වෙසෙන දහස් සංඛ්‍යාත පිරිසකට තවමත් මතකය.

ඒ අතරින් පිරිසක් බීබීසී ය සමග ද සිය අත්දැකීම බෙදා ගත්හ.

සෝවියට් දේශය බිඳ වැටීමට ප්‍රථම ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් සෑම වසරක් පාසාම සෝවියට් දේශයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට වරම් ලැබූහ.

ඒ අතරින් අති බහුතරය අධ්‍යාපනය හමාරයේ යළි සිය රට පැමිණි අතර, ඇතැමෙක් තවමත් පැරණි සෝවියට් දේශයට අයත් රටවල වාසය කරති.

සෝවියට් දේශය බිඳ වැටීමෙන් අනතුරුව තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ව්‍යාපාරික කටයුතු සඳහා පැරණි සෝවියට් දේශයට අයත් රටවලට ලඟා වූහ.

සෝවියට් දේශය ගැන ඔබේ අත්දැකීම බීබීසී සිංහල සේවය සමග බෙදා ගැනීමට කැමතිද?

අප අමතන්න :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න