ශ්‍රී ලංකාවට ළඟා වූ USS නිමිට්ස් ගැන මේ කරුණු දැන සිටියාද?

US nuclear powered aircraft carrier USS Nimitz arrives at the southern port city of Busan on May 11, 2013. US warships led by the aircraft carrier USS Nimitz arrived in South Korea for sea drills following large-scale, annual joint land drills that have infuriated North Korea. AFP PHOTO / JUNG YEON-JE (Photo credit should read JUNG YEON-JE/AFP/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇමරිකා එක්සත් ජනපදයට අයත් USS නිමිට්ස් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු පිරිවර ප්‍රහාරක නෞකා කණ්ඩායමක් සෙනසුරාදා (ඔක් 28) කොළඹ වරායට ළඟා විය.

USS නිමිටිස් ලොව විශාලතම යුද නෞකා අතරින් එකකි.

ඇය සමග කොළඹ වරායට ළඟා වූ සෙසු යුද නෞකා අතර USS ප්‍රින්ස්ටන්, USS හාවර්ඩ්, USS ෂූප්, USS පින්ක්නි සහ USS කිඩ් වෙති.

ප්‍රහාරක නෞකා කණ්ඩායම ඔක්තෝබර් 31 වෙනිදා කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.

USS නිමිටිස් ,1985 වසරට පසු ශ්‍රී ලංකාවට ළඟා වූ පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාවයි.

නිමිට්ස්

ඡායාරූප මූලාශ්‍රය, U.S. Embassy Colombo, Sri Lanka

සැපයුම් භාණ්ඩ මිල දී ගැනීම සහ නාවිකයන් රට තුළට පැමිණ හේතුවෙන් ඇමරිකානු නෞකා සමූහය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට රුපියල් කෝටි 154 ක මුදලක් එක් කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

USS නිමිට්ස්

  • දියත් කළ වර්ෂය 1972
  • නැව් තලයේ සිට කුඹ ගස දක්වා උස තට්ටු 23 ඉක්මවයි
  • නෞකාවේ දිග දළ වශයෙන් මීටර 333
  • ගුවන් යානා අංගනයේ විශාලත්වය: අක්කර 4.5
  • ගමන් කළ හැකි නාවිකයන් සංඛ්‍යාව 5000
  • දිනක ආහාර වේල් සැපයුම 18,000 +
  • දිනකට නිෂ්පාදනය කරනු ලබන පිරිසිදු ජලය: ලීටර ලක්ෂ 15
  • අවම වශයෙන් දින 70 සෑහෙන ශීත සහ වියලි ආහාර ගබඩා කර තබා ගත හැක (මූලාශ්‍ර: USS නිමිට්ස්, ඇමරිකානු තානාපති කාර්යාලය)

USS නිමිටිස් ඇතුළු නෞකා සමූහය ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය තුළ මහජන සේවා කටයුතු සඳහා සහභාගී වීමට ඇමරිකානු නාවික සෙබළුන්ට අවස්ථාව හිමි වනු ඇති බව ඇමරිකානු තානාපති අතුල් කේෂප් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා අතර පසුගිය ඔක්තෝබර් මාසයේ දී නාවික අභ්‍යාසයක් පැවැත්විණි.

සබැඳි යොමු:

වීඩියෝ ශීර්ෂ වැකිය, පෝයදා පන්සල් ගිය ඇමරිකානු නාවික හමුදාව