ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සවුදියේ කාන්තාවන්ට 'රියදුරු බලපත්'
කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කරන මෙන් සවුදි අරාබියේ සල්මන් රජතුමා නියෝග කළ බව රාජ්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.
සවුදි අරාබිය කාන්තාවන්ට රිය පැදවීමට අවසර දෙන්නේ ප්‍රථම වතාවටය.
කාන්තාවන්ට රිය පැදවීම මෙතෙක් තහනම් වී තිබූ ලොව එකම රට සවුදි අරාබියය.
කාන්තාවන්ට රිය පැදවීමට අවසර දෙන මෙන් මානව හිමිකම් සංවිධාන කලක් මුළුල්ලේ උද්ඝෝෂණය කළ අතර, පවතින නීතිය නොතකා රිය පැද වූ ඇතැම් සවුදි කාන්තාවන්ට සිර දඬුවම් පවා විඳීමට සිදුවිය.
කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි දින 30 ඇතුළත අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කළ යුතු අතර, 2018 ජුනි මාසය වන විට රජතුමාගේ නියෝගය ප්‍රකාර කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරෙනු ඇති බවත් සවුදි ප්‍රෙස් ඒජන්සි (Saudi Press Agency) පුවත් සේවය වාර්තා කරයි.