ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෞදියේ ඔටුන්න හිමි කුමරු වෙනස් වෙයි
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා ලෙස තම පුත් මොහමඩ් බින් සල්මාන් කුමරුගේ නම සෞදි රජු විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
මීට පෙර සෞදියේ ඔටුන්න හිමි කුමරු ලෙස වශයෙන් නම්කර තිබුණේ වත්මන් රජුගේ ඥාති පුත්‍රයා වන මොහමඩ් බින් නායෙෆ් කුමරු ය.
සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යවරයා වන සල්මාන් කුමරු ඔටුන්න හිමි කුමරු ලෙස නම් කිරීමෙන් අනතුරුව රටේ උප අගමැති ධුරයට පත්වීමට නියමිතය.
අභ්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි 57 හැවිරිදි නායෙෆ් කුමරු එම තනතුරින් ද ඉවත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
නමුත් ඔටුන්න හිමි කුමාරයා ලෙස නව පත්වීම් ලද 31 හැවිරිදි සල්මාන් කුමරුට පක්ෂපාතීව කටයුතු කරන බවට නායෙෆ් කුමරු ප්‍රතිඥා දී ඇති බව SPA පුවත් සේවය වාර්තා කර තිබේ.
2015 ජනවාරි මාසයේදී සල්මාන් බින් අබ්දුල්ලාසිස් රජුට ඔටුනු පැළඳවීම සිදුවුයේ එවකට සෞදි රජු වූ සිය ඥාති සොහොයුරු අබ්දුල්ලා බින් අබ්දුල් අසිස් ගේ අභාවයෙන් පසුවය. මේ වනවිට සල්මාන් රජු 81 හැවිරිදි ය.
සෞදි අරාබිය මෙතෙක් පාලනය කරනු ලැබුණේ වයස අවුරුදු 70 හෝ 80 පිරුණු රජවරු විසිනි.
නමුත් 31 හැවිරිදි මොහමඩ් බින් සල්මාන් කුමරු මීළඟ රජු ලෙස නම් කරනු ලැබීම සෞදියේ තරුණ පරම්පරාව දකින්නේ එම තත්වය වෙනස් වෙමින් පවතින බව සනාථ කෙරෙන සලකුණක් ලෙසිනි.