ගුවාම් ගැන බිඳක්

අස්ද්ෆ්

අමෙරිකා එක්සත් ජනපදයට අයත් බලප්‍රදේශයක් වන ගුවාම් ශාන්තිකර සාගර කලාපය තුළ යුදමය වශයෙන් මූලෝපායික වැදගත්වන්නාවූ ස්ථානයකි.

සංචාරක කර්මාන්තය මෙන්ම දූපතේ හමුදා ගැවසීම එහි ආර්ථිකයේ මූලික පදනම වී ඇත.

කොරියානු රාජ්‍ය මෙන්ම තායිවාන සමුද්‍ර සන්ධිය වැනි වැදගත් ස්ථාන වෙත වේගයෙන් ප්‍රවේශවීමේ ඉඩකඩ සලසන ස්ථානයක් වශයෙන් එම දූපත වැදගත් වේ.

ගෝලීය වශයෙන් සිය හමුදා යළි සැකසීමේ පියවරක් වශයෙන් ජපානයේ ඔකිනාවා දුපතේ සිටින සිය භටයන් දහස් ගණනක් ගුවාම් වෙත යොමු කිරීමට වොෂිංටන් පාලනය සැලසුම් කරමින් සිටී.

මේ සැලසුම්ගත හමුදා තරකිරීම හේතුවෙන් ගුවාම් දුපතේ අනාගත දේශපාලනික තත්ත්වය සම්බන්ධ කරුණ මෑත වසර කිහිපයක සිටම පෙරට විත් තිබේ.

ගුවාම් දූපතේ නිල තත්ත්වය "සංස්ථාපිත නොවූ බලප්‍රදේශය" වේ. අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් වුවද, ගුවාම් දුපත්වාසීහු අමෙරිකානු මැතිවරණවලදී ඡන්ද අයිතිය නොලබති.

චමොරෝ නම්වූ ස්වදේශික ජනයා මයික්‍රොනීසියානු, ස්පාඤ්ඤ සහ පිලිපීන සම්භවයන්හි මිශ්‍රිතයක් වන අතර දුපතේ වෙසෙන ජනගහනයට ජපාන, චීන මෙන්ම ශාන්තිකර සාගර කලාපයේ අනෙකුත් දුපත්වලින් පැමිණි කොටස්ද ඇතුළත් වෙති.

තොරතුරු

facts

නායකත්වය

රාජ්‍ය නායක : ඩොනල්ඩ් ට්‍රම්ප්

ආණ්ඩුකාර : එඩී කැල්වෝ

එඩී කැල්වෝ
ඡායාරූප ශීර්ෂ වැකිය, ආණ්ඩුකාර එඩී කැල්වෝ

2010 දී මෙම තනතුරට පත් රිපබ්ලිකන් පාක්ෂිකයකු වන එඩී කැල්වෝ 2014 දී යළි තේරී පත්විණි.

ආණ්ඩුකාරවරයා වසර හතරක ධුර කාලයකට තේරී පත්වේ. අමෙරිකානු පුරවැසියන් මෙන්ම ගුවාම් හි පදිංචිකරුවන් වුවද ඔවුහු අමෙරිකානු ජාතික මැතිවරණවලදී ඡන්දය භාවිත නොකරති.

dfa

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චමොරෝ නම් ස්වදේශික ජනයා මයික්‍රොනීසියානු, ස්පාඤ්ඤ සහ පිලිපීන සම්භවයන්හි මිශ්‍රිතයක් වන අතර ජපාන, චීන මෙන්ම ශාන්තිකර සාගර කලාපයේ අනෙකුත් දුපත්වලින් පැමිණි ජනයාද වෙති.

මාධ්‍ය

ගුවාම් හි ගුවන්විදුලි නියාමනය කෙරෙන්නේ එක්සත් ජනපද ෆෙඩරල් සන්නිවේදන කොමිසම (FCC) මගිනි.

2016 ජුනි මාසය වනවිට ඉන්ටර්නෙට් භාවිත කරන්නන් 112,196 ක් (InternetWorldStats) වූහ.

සංචාරක කර්මාන්තය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සංචාරක කර්මාන්තය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයයි.

ඉතිහාසයෙන් බිඳක්

ක්‍රිස්තුපුර්ව 2000 - ඉන්දුනීසියානු - පිලිපීන ජනතාව ගුවාම්හි පදිංචි වූහ.

1521 දී පමණ - ස්පාඤ්ඤ රජු වෙනුවෙන් යාත්‍රා කළ දේශගවේෂක ෆර්ඩිනන්ඩ් මැගලන් ගුවාම් දූපතට ගොඩ බැස්සේය.

1565 - ස්පාඤ්ඤය විසින් දූපත අල්ලාගන්න ලදී.

1898 - ස්පාඤ්ඤ - අමෙරිකානු යුද්ධයේදී ගුවාම් දූපත අමෙරිකා එක්සත් ජනපදයට යටත් විය.

1941 - දෙවෙනි ලෝක සංග්‍රාමයේදී පර්ල් වරායට එල්ල කළ ප්‍රහාරයෙන් අනතරුව ජපානය ගුවාම් දූපත අත්පත් කරගත්තේය.

1944 - මිත්‍ර හමුදා විසින් යළි අත්පත් කරගනු ලැබීමෙන් අනතුරුව යුද්ධයේ අවසානය දක්වාම ජපානයට පහරදීම සඳහා වැදගත් කඳවුරක් බවට පත්විය.

The US military has various facilities on the island

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නාවික කඳවුරක්, ගුවන් කඳවුරක් මෙන්ම රෝහලක් ඇතුළු විවිධ ඇමෙරිකානු හමුදා පරිශ්‍ර මෙහි වේ.