ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තට්ටේ නම් බලාගෙනයි!
මොසැම්බික් රාජ්‍යයේ වෙසෙන තට්ට හිස් සහිත පුද්ගලයන් ඇදහිලි මත පදනම් වූ ප්‍රහාරවලට ලක් විය හැකි බවට එරට පොලිසිය අනතුරු අඟවයි.
පොලිසිය විසින් එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවේ ශරීර කොටස් ලබා ගැනීම සඳහා මෑත කාලය තුළ වාර්තා වූ පුද්ගල ඝාතනවලින් අනතුරුවය.
ඝාතන පහක් සිදු වූ මිලාන්ජ් දිස්ත්‍රික්කයේ දී ඒ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
"තට්ටය සහිත පුද්ගලයන්ගේ හිස් කබල තුළ රත්‍රන් අඩංගු බවට විශ්වාසයක් පවතිනවා" යනුවෙන් සැම්බෙසියා පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන අෆෝන්සෝ ඩයස් කියා සිටියේය.
යකැදුරන්ගේ උපක්‍රමයක්
එසේම ඇල්බීනෝ පුද්ගලයන් ද එවැනි ඇදහිලි මත ඝාතනයට ලක්ව තිබේ.
පසුගිය සති කිහිපය තුළ පමණක් එවැනි ඝාතන තුනක් වාර්තා විය.
තට්ටය සහිත පුද්ගලයන්ගේ හිස තුළ රත්‍රන් අඩංගු බවට වන මතය තමන් වෙත පැමිණෙන සේවාදායකයන් ලවා මිනිස් හිස් ගෙන්වා ගැනීමට යකැදුරන් විසින් යොදා ගනු ලබන කූට උපක්‍රමයක් බව මපුටො අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසයි.