ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ගුරුකමට' නිගරුකළ ලිංගික අපරාධ
පිරිමි ළමුන් ගොදුරුකළ ලිංගික අපචාර 45කට වැරදිකරු වූ ගුරුවරයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.
බ්‍රිතාන්‍ය ජාතික මාර්ක් ෆ්‍රොස්ට් හැත්තෑ හැවිරිදි විශ්‍රාමික ගුරුවරයෙකුවන අතර 2009 සහ 2015 අතර කාලය තුළ තායිලන්තයේදී ළමුන් නවදෙනෙකු අපයෝජනයට ලක්කර තිබේ.
ඊට පෙර බ්‍රිතාන්‍යයේදී තම ශිෂ්‍යයන් දෙදෙනෙකු ද අපයෝජනයට ලක් කර ඇති අතර එල්ලවූ සියලුම චෝදනාවලට වැරදිකරු බව ඔහු පිළිගත්තේය.
අපරාධකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කරමින් විනිසුරුවරයා කියා සිටියේ ඇතැම් ලිංගික අපයෝජන ඉතා බියකරු සහ හද සසලකරවන සුළු බවය.
මෙම අපරාධකරු අල්ලා ගැනීම සඳහා තායිලන්තය, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තයේ සහාය ඇතිව බ්‍රිතාන්‍ය පොලිසිය විසින් ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් කරනු ලැබීය.