විනෝද් ඛන්නා දිවි සිනමාවෙන් සමුගනී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1970 සහ 1980 දශකයන්හි හින්දි සිනමාවේ අතිශයින් ජනප්‍රිය නළුවකු වූ විනෝද් ඛන්නා දිවියෙන් සමු ගත්තේය.
පිළිකා රෝගයට ගොදුරුව රෝහල් ගතකර සිටියදී මියයනවිට ඔහු 70 වැනි වියේ පසුවිය.
1968 වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසෙමින් චිත්‍රපට සීයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ විනෝද් ඛන්නා, අවස්ථා දෙකක දී සිය සිනමා දිවිය තාවකාලිකව නතර කිරීමට ද පියවර ගත්තේය.
ඉන් එක් අවස්ථාවකට හේතු වුණේ ආගමික කරුණකි.
දෙවන වරට ඔහු රංගනය තාවකාලිකව නතර කළේ දේශපාලනයට පිවිසීම සඳහාය.
සිව් වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ විනෝද් ඛන්නා ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ කණිෂ්ට ඇමතිවරයකු ලෙස කලක් ක්‍රියාකර ඇත.
ඔහු මරණයට පත් වන විටත් භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයකු වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
විනෝද් ඛන්නා සිය රංගන දිවියේ දී දුෂ්ටයාගේ චරිතයේ පටන් ප්‍රේම චරිත ද ඇතුළුව භූමිකා රැසකට පණ දී ඇත.
ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි සහ බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් රාශියක් මියගිය කලාකරුවාට උපහාරය පළ කළහ.








