ගව ඝාතනයට වසර හතක සිර දඬුවමක්

හින්දු බැතිමතුන්ට ගවයා පූජනීය වෙයි
ඡායාරූප ශීර්ෂ වැකිය, හින්දු බැතිමතුන්ට ගවයා පූජනීය වෙයි

ගව ඝාතනය ජීවිතාන්තය තෙක් බලපැවැත්වෙන සිර දඬුවමක් බවට පත් කෙරෙන පනත් කෙටුම්පතකට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.

නව නීතිය අනුව ගව ඝාතනය ඇප නොලැබෙන වරදක් හැටියටත් ප්‍රකාශයට පත්කෙරෙයි.

මෙම නව නීතිය සම්මත කෙරෙන තෙක් ඉන්දියාවේ ගව ඝාතනයට නියම කෙරෙන දඬුවම වසර හතක සිර දඬුවමකට සීමාවිය.

ඉන්දියාවේ හින්දු ප්‍රජාව අතර ගවයා පූජනීය ජීවියෙකි.

ගුජරාට් ප්‍රාන්තයේ ඇමතිවරයෙක් නව නීතිය පිළිබඳව අදහස් දක්වමින් 'ගවයා ඉන්දියානු සංස්කෘතියේ සංකේතයක්' වන බව කියා සිටියේය.

මහජන පුද ලබන ගවයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය, මහජන පුද ලබන ගවයෙක්

ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලය මගින් පනවන ලද අලුත් නීතිය තව නොබෝ දිනකින් පැවැත්වෙන ගුජරාට් මැතිවරණයේ දී පාලක භාරතීය ජනතා පක්ෂය මහජන ඡන්ද දිනා ගැනීම සඳහා පාවිච්චි කරන උපක්‍රමයක් හැටියට කොන්ග්‍රස් පක්ෂයේ දේශපාලනඥයකු විසින් විග්‍රහ කරනු ලැබ ඇත.