උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මස්කඩ හිමියෝ වර්ජනයක

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මස්කඩ හිමියෝ වැඩ වර්ජනයක නිරතව සිටිති.
මස් ලබා ගැනීම සඳහා සතුන් මරණ ස්ථානවලට එරෙහි ප්‍රාන්ත ආණ්ඩුවේ නව වැඩපිළිවෙලට විරෝධය පළකිරීමක් ලෙස එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුණු බව කඩහිමියෝ පවසති.
හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයකු වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා, ගවයන් අනවසරයෙන් මස් සඳහා ඝාතනය කෙරෙන ස්ථාන තහනම් කරන බවට ප්‍රතිඥා දුන්නේය.
ගවයා, හින්දු භක්තිකයන් පූජනීය ලෙස සලකන සත්වයෙකි.

නව මහඇමති යෝගී ආධිත්‍යනාත් විසින් අනවසරයෙන් සතුන් මරණ ස්ථාන ඉලක්ක කර ගනිමින් දියත් කරනු ලැබ ඇති මෙහෙයුමෙන් මස සඳහා එළුවන් සහ මීහරක් ඝාතනය කරන අවසරලත් ස්ථානද වැටලීමට ලක්වන බව කඩ හිමියෝ පවසති.
ඊට අමතරව සිය කඩ සහ සතුන් මරණ ස්ථාන වලට පැමිණෙන නිලධාරීන්ගේ සහ හින්දු අන්තවාදී පුද්ගලයන්ගේ අඩන්තේට්ටම් වලට තමන් ගොදුරු වන බවත් ඔවුහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, iStock
මස් කඩ හිමියන් සහ මස් සඳහා සතුන් මරණ ස්ථාන පවත්වාගෙන යන බොහෝ දෙනා මුස්ලිම් ජාතිකයෝය.
මීහරක් මස් වෙළඳාම ඇනහිටීම හේතුවෙන් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.








