ගව මස් කෑමට දඬුවම 'දූෂණය සහ මරණය'

පසුගියදා ඉන්දියාවේ ගවමස් කෑමේ 'වරදට' අන්තවාදී හින්දු කණ්ඩායම් වල ප්‍රහාරයට ලක් වූ තවත් මුස්ලිම් පවුලක්
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගියදා ගවමස් කෑමේ 'වරදට' අන්තවාදී හින්දු කණ්ඩායම් වල ප්‍රහාරයට ලක් වූ තවත් ඉන්දීය මුස්ලිම් පවුලක්

සිය පවුලේ සාමාජිකයන් වරින් වර ස්ත්‍රී දූෂණයන්ට සහ ඝාතනයට ලක් කළේ ඔවුන් ගව මස් බුදින මුස්ලිම් ජාතිකයන් වන බැවිනැයි එම ප්‍රහාර එල්ල කළ අපරාධකරුවන් තමන්ට දැන්වූ බව ඉන්දියානු කාන්තාවක් පවසයි.

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මේවත් ගම්මානයේ ජීවත් වන මෙම මුස්ලිම් භක්තික පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට මින් සති දෙකකට පෙර පහර දී ඝාතනය කොට තිබුණි.

ඊට අමතරව එම පවුලේම කාන්තාවන් දෙදෙනෙකු සහ දාහතර හැවිරිදි දැරියක් තමන් දුෂණයට ලක් වූ බවට පොලිසියට පැමිණිලි කොට තිබේ.

ඉන්දියාවේ ගව මස් තහනමට එරෙහි විරෝධතා
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ ගව මස් තහනමට එරෙහි විරෝධතා

ප්‍රහාර වලට ලක් වූ මෙම මුස්ලිම් භක්තිකයන් දිගින් දිගටම කියා සිටින්නේ සිය පවුලේ කිසිදු සාමාජිකයෙකු ගව මස් අනුභව නොකරන බවයි.

ප්‍රහාර වලට සැක පිට මේ වන විට පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ගවයා සිය ආගමට අනුව පූජනීයත්වයේ ලා සලකන ඉන්දියාවේ බහුතර හින්දු ආගමිකයන් සහ ගව මස් අනුභව කරන මුස්ලිම් භක්තිකයන් අතර දීර්ඝ කාලීනව ගැටුම් පවතියි.

ඉන්දියාවේ අන්තවාදී හින්දු කණ්ඩායම් විසින් පවත්වනු ලැබූ ගවමස් අනුභවයට එරෙහි විරෝධතාවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ අන්තවාදී හින්දු කණ්ඩායම් විසින් පවත්වනු ලැබූ ගවමස් අනුභවයට එරෙහි විරෝධතාවක්