ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගව මස් කෑමට දඬුවම 'දූෂණය සහ මරණය'
සිය පවුලේ සාමාජිකයන් වරින් වර ස්ත්‍රී දූෂණයන්ට සහ ඝාතනයට ලක් කළේ ඔවුන් ගව මස් බුදින මුස්ලිම් ජාතිකයන් වන බැවිනැයි එම ප්‍රහාර එල්ල කළ අපරාධකරුවන් තමන්ට දැන්වූ බව ඉන්දියානු කාන්තාවක් පවසයි.
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මේවත් ගම්මානයේ ජීවත් වන මෙම මුස්ලිම් භක්තික පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට මින් සති දෙකකට පෙර පහර දී ඝාතනය කොට තිබුණි.
ඊට අමතරව එම පවුලේම කාන්තාවන් දෙදෙනෙකු සහ දාහතර හැවිරිදි දැරියක් තමන් දුෂණයට ලක් වූ බවට පොලිසියට පැමිණිලි කොට තිබේ.
ප්‍රහාර වලට ලක් වූ මෙම මුස්ලිම් භක්තිකයන් දිගින් දිගටම කියා සිටින්නේ සිය පවුලේ කිසිදු සාමාජිකයෙකු ගව මස් අනුභව නොකරන බවයි.
ප්‍රහාර වලට සැක පිට මේ වන විට පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ගවයා සිය ආගමට අනුව පූජනීයත්වයේ ලා සලකන ඉන්දියාවේ බහුතර හින්දු ආගමිකයන් සහ ගව මස් අනුභව කරන මුස්ලිම් භක්තිකයන් අතර දීර්ඝ කාලීනව ගැටුම් පවතියි.