ලන්ඩන් 'ත්‍රස්ත ප්‍රහාරය': කාන්තාවක මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ දී පොලිස් නිලධාරියකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙසින් පොලිසිය විග්‍රහ කරන සිදුවීමේදී කාන්තාවක ද මරුමුවට පත් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
වෙස්ට්මින්ස්ටර් පාලම මතදී ඕනෑකමින්ම පදිකයන් වෙතට සිය රිය පදවාගෙන ගිය බව සැලකෙන ප්‍රහාරකයාට පොලිසිය වෙඩි තබා ඇත. එහිදී අවම තරමින් සිව් දෙනෙකුවත් තුවාල ලබා ඇති බව වාර්තාවල දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, PA
ඉන් අනතුරුව සිය රථය වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ වැටේ ගැටුණු අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරියාට පිහි පහර එල්ල කළේය.
වෙඩි හඬ ඇසෙත්ම, අගමැතිනි තෙරේසා මේ ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති අතර ඇය ආරක්ෂිතව පසුවන බව අගමැති කාර්යාලය පවසයි.
බකිංහැම් මාලිගයේ ද ආරක්ෂාව තරකර තිබෙන අතර, සිදුවීම සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කොට නැත.

ඡායාරූප මූලාශ්‍රය, AP
වෙඩි ප්‍රහාර තුනක් හෝ හතරක් තමන්ට ඇසුණු බව මන්ත්‍රීවරු පවසති.
සිය කාර්යාල තුලම රැඳී සිටින ලෙස පාර්ලිමේන්තුවේ සේවකයන්ට උපදෙස් දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, PA
පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවා ඇති අතර, වෙස්ට්මින්ස්ටර් ප්‍රදේශයට පැමිණීමෙන් වලකින මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.








