දීප්තිය විහිදුවන වෙරළක්?

Bioluminescence spotted off Tasmania's Preservation Bay

ඡායාරූප මූලාශ්‍රය, Brett Chatwin

විශාල වශයෙන් හට ගත් ඇල්ගී විශේෂයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වෙරළක් දීප්තිමත් නිල් පැහැයකට පරිවර්තනය වී තිබේ.

දීප්තියක් මුදා හරින 'Sea sparkle' ලෙස හඳුන්වනු ලබන ජෛවසන්දීප්ති (Bioluminescent) ඇල්ගී විශේෂය හේතුවෙන් ටස්මේනියා සංරක්ෂිත වෙරළ කලාපයේ වැසියෝ ප්‍රීතියට පත් වී සිටිති.

ආරක්ෂා වීමේ ක්‍රමවේදයක් ලෙස කුඩා ඇල්ගී ජීවී විශේෂය ආලෝකය නිකුත් කරන අවස්ථාවේ මෙම ස්වාභාවික සංසිද්ධිය දැකගත හැකි බව විශේෂඥයකු පැවසීය.

සාමාන්‍යයෙන් එම සංසිද්ධිය දැකගත හැක්කේ නිශ්චිත ජලය මතය.

ඇල්ගී විශේෂය විෂ සහිත නොවුන ද ඉන් ඇතැම් පුද්ගලයන්ගේ සමේ අපහසුතා හටගත හැක.

'Noctiluca scintillans' යන නිල නාමයෙන් හඳුන්වනු ලබන ඇල්ගී විශේෂය ආරක්ෂාකාරී ක්‍රමවේදයක් වශයෙන් දීප්තියක් නිකුත් කරන බව උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගුස්තෆ් හැලෙග්‍රේෆ් පැවසීය.

ආරක්ෂාවට

Bioluminescence spotted off Tasmania's Preservation Bay

ඡායාරූප මූලාශ්‍රය, Brett Chatwin

ඡායාරූප ශීර්ෂ වැකිය, සාමාන්‍යයෙන් මෙම සංසිද්ධිය දැකගත හැක්කේ නිශ්චිත ජලය මතය.

"සොරසතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඇති අනතුරු ඇඟවීමේ නලාවක් වශයෙන් මෙය ක්‍රියා කරනවා" යනුවෙන් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටි ඔහු "තමන්ව ආහාරයට ගන්න යෙමෙක් උත්සාහ කරනවා නම්, ඒ දෙසට දීප්තිය විහිදුවා ඔවුන් පළවා හැරීම මෙහිදී සිදු වෙනවා" යනුවෙන් සඳහන් කළේය.

line
line

ටස්මෙනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගුස්තෆ් වැඩිදුරටත් කියා සිටියේ ඇල්ගී විශේෂය හේතුවෙන් එම කලාපයේ ආහාර දාමයට බලපෑම් එල්ල විය හැකි බවය.