සැම්සුන් උරුමකරු, ලී ජායේ-යොංට අල්ලස් චෝදනා යටතේ නඩු

Lee Jae-yong

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සැම්සුන් සමාගමේ උරුමකරු ලී ජායේ-යොං

දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරික ආයතනයවන සැම්සුන් සමාගමේ උරුමකරු ලී ජායේ-යොංට එරෙහිව අල්ලස් සහ මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ නඩු පැවරීමට නියමිත බව එරට නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට හේතුපාදක වූ අපචාරය සහ ඉහත කී නඩු විභාගය අතර සම්බන්ධයක් පවතී.

සැම්සුන් සමාගමේ මීළඟ අධිපතිවරයා වීමට නියමිත ලී ජායේ-යොං සහ තවත් සමාගම් විධායක නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කරන ලද චෝදනා දකුණු කොරියාවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එම නිවේදනයත් සමග ඒ අතර සිටි විධායක නිලධාරීන් තිදෙනෙක් සිය ධුරවලින් ඉල්ලා අස්වූහ.

Grey line
In this 18 November 2016, file photo, protesters wearing masks of South Korean President Park Geun-hye, left and Choi Soon-sil, Park's long-time friend, in Seoul, South Korea.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනියට එරෙහිව පැවති උද්ඝෝෂණයක්

ආණ්ඩුවේ ආධාර ලබා ගැනීමට හිලව්වක් වශයෙන් හිටපු ජනාධිපතිනියගේ හිතවතියක විසින් පවත්වාගෙන යනු ලැබූ පුණ්‍යායතනයකට මූල්‍යාධාර ලබා දුන් බවට සැම්සුන් සමාගමට චෝදනා එල්ල විය.

Grey line
Grey line

ඒ සම්බන්ධයෙන් සැම්සුන් සමාගමේ උරුමකරු ලී ජායේ-යොං පෙබරවාරි මස මුලදී අත්අඩංගුවට ගනු ලැබිණ.