සැම්සුන් උරුමකරු අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, EPA
දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරයවන සැම්සුන් සමාගමේ මීළඟ අධිපතිවරයා වීමට නියමිත ලී ජායේ-යොං අත්අඩංගුවට පත්විය.
අල්ලස් ලබාදීම ඇතුළු තවත් චෝදනා කීපයක් මත ඔහුව අත්අඩංගුවට ගැනිණි.
දකුණු කොරියානු හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට හේතුපාදක වූ අපචාර චෝදනා පිළිබඳව කෙරෙන විමර්ශනවලට අදාළව මොහු අත්අඩංගුවට පත්විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ආණ්ඩුවේ අනුග්‍රහය ලබාගැනීමේ අරමුණ ඇතිව ජනාධිපතිනියගේ හිතවතෙකුට ඩොලර් මිලියන හතළිහක අල්ලසක් ලබාදී ඇති බවට සැම්සුන් සමාගමේ මීළඟ උරුමකරුට චෝදනා එල්ලවී තිබේ.
ඔහු අත්අඩංගුවට පත්වූ බව සැලවීමත් සමඟ කොටස් වෙළෙඳපළේ සැම්සුන් කොටස් අගය පහත වැටුණි.
සැම්සුන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම සමාගම කිසිදු වරදක් සිදුකර නොමැති අතර අධිකරණයේදී එය ඔප්පු කරන බවය.




