දකුණු කොරියාව: හිතවතිය නිසා ජනපතිනියට ජන විරෝධය

දකුණු කොරියාවේ ජනාධිපතිනිය පාක් ගුන් හෙයිට සිය ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් සෝල් අගනුවරට රැස්වූ දස දහස් ගණනක ජනතාව විරෝධතාවක යෙදී සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, AFP

දකුණු කොරියාවේ ජනාධිපතිනිය පාක් ගුන් හෙයිට සිය ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් සෝල් අගනුවරට රැස්වූ දස දහස් ගණනක ජනතාව විරෝධතාවක යෙදී සිටිති.

මුළු රටටම බලපෑම් ඇතිකළ හැකි තීරණ ගැනීමේදී, ජනාධිපතිනිය සිය මිතුරියකට අනවශ්‍ය ලෙස තමන්ට අනුබල දීමට ඉඩකඩ සැලසීමට විරෝධය පළ කිරීමක් ලෙස ඇයට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරන බව උද්ඝෝෂකයෝ පවසති.

සිය හිතවතියක වන චෝයි සූන්ස්ලී ට ජාතිය ඇමතීමට තමන් විසින් සකස් කරනු ලැබූ කතාවල පිටපත් කියවීමට දුන් බව ජනාධිපතිනිය පිළිගෙන තිබේ.

මෙම කාන්තාවගේ පසුබිම සම්බන්ධයෙන් කිසිදු වග විභාගයකින් තොරව ජනාධිපතිනියගේ කතා පිටපත් වෙනස් කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව වාර්තා වේ.

සිය හිතවතියක වන චෝයි සූන්ස්ලී ට ජාතිය ඇමතීමට තමන් විසින් සකස් කරනු ලැබූ කතාවල පිටපත් කියවීමට දුන් බව ජනාධිපතිනිය පිළිගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය හිතවතියක වන චෝයි සූන්ස්ලී ට ජාතිය ඇමතීමට තමන් විසින් සකස් කරනු ලැබූ කතාවල පිටපත් කියවීමට දුන් බව ජනාධිපතිනිය පිළිගෙන තිබේ.

චෝයි සූන්ස්ලී පොලිස් භාරයේ රැඳවීමට එරට අධිකරණය තීරණය කොට ඇති අතර ඇය රටින් පැන යාමේ ඉඩකඩ ඇහිරීමට මෙම තීරණය ගෙන ඇති බව දකුණු කොරියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

ඇය විසින් ජනාධිපතිනියට බලපෑම් සිදු කරන බවට වාර්තා පළ වීමෙන් පසු තමන් සහ ජනාධිපතිනිය අතර පවතින සම්බන්ධය ඔප්පු කළ හැකි සාක්ෂි සියල්ල විනාශ කිරීමට චෝයි සූන්ස්ලී උත්සාහ කොට ඇති බව තොරතුරු හෙළි වී තිබේ.

දකුණු කොරියානු බැංකු වලින් ණය සහ දීමනා ලබා ගැනීමට රටේ ජනාධිපතිවරිය සමග පැවති මිතුදම අයුතු ලෙස භාවිතා කරනු ලැබ ඇති බවටත් චෝයි සූන්ස්ලී ට චෝදනා එල්ල වී ඇත.