ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හොංකොං හිටපු නායකයාට සිර දඬුවම්
විෂමාචාර චෝදනාවකට වරදකරු වූ, හොංකොං හිටපු නායක ඩොනල්ඩ් ජංට මාස විස්සක සිර දඬුවමක් නියම වෙයි.
ඔහු බලයේ සිටි කාලය ඇතුළත චීනයේ සුඛෝපභෝගී මහල් නිවාසයක් සම්බන්ධයෙන් විෂමාචාරයක් සිදුකර ඇති බවට අධිකරණය තීන්දු කර තිබේ.
වසර 2005 සිට 2012 දක්වා හොංකොං කලාපය පාලනය කරනු ලැබුවේ ඩොනල්ඩ් ජං විසිනි.
මෙතෙක් හොංකොංහි වංචා හා දූෂණ චෝදනා පිළිබඳව පැවැත්වුණු නඩු විභාගයකට මුහුණදුන් ජ්‍යෙෂ්ඨතම බලධරයා මොහුය.