ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හොංකොං උද්ඝෝෂකයන්ට පොලිසියෙන් ගම්මිරිස් දියර
හොංකොං කලාපයේ දේශපාලනය කටයුතු කෙරෙහි චීන මහ ආණ්ඩුවේ මැදිහත් වීමට විරෝධය පාමින් දහස් ගණනක් හොංකොං ජනතාව වීදි බැස සිටිති.
උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලිසිය ගම්මිරිස් දියරය ඉසීමට පටන් ගත් අතර මෙහිදී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර පොර බැදීම් ද ඇති විය.
හොංකොං පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින නියෝජිතයන් දෙදෙනෙකුට දිවුරුම් දීමට අවසර ලබා නොදෙමින් චීන මහ ආණ්ඩුව කර ඇති මැදිහත් වීමට එරෙහිව උද්ඝෝෂකයෝ විරෝධය පළ කරති.
හොංකොං කලාපය චීනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් විය යුතු බවට ඉල්ලා සිටින්නන් වෙනුවෙන් පෙනී සිටීම නිසා මෙම මහජන නියෝජිතයන් දෙදෙනාට තවම දිවුරුම් දීමට ඉඩ ලබා දී නැත.