හොංකොං උද්ඝෝෂකයන්ට පොලිසියෙන් ගම්මිරිස් දියර

උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලිසිය ගම්මිරිස් දියරය
ඡායාරූප ශීර්ෂ වැකිය, උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලිසිය ගම්මිරිස් දියරය

හොංකොං කලාපයේ දේශපාලනය කටයුතු කෙරෙහි චීන මහ ආණ්ඩුවේ මැදිහත් වීමට විරෝධය පාමින් දහස් ගණනක් හොංකොං ජනතාව වීදි බැස සිටිති.

උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලිසිය ගම්මිරිස් දියරය ඉසීමට පටන් ගත් අතර මෙහිදී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර පොර බැදීම් ද ඇති විය.

ගම්මිරිස් දියරයෙන් බේරීමට කුඩයේ පිහිට
ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්මිරිස් දියරයෙන් බේරීමට කුඩයේ පිහිට

හොංකොං පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින නියෝජිතයන් දෙදෙනෙකුට දිවුරුම් දීමට අවසර ලබා නොදෙමින් චීන මහ ආණ්ඩුව කර ඇති මැදිහත් වීමට එරෙහිව උද්ඝෝෂකයෝ විරෝධය පළ කරති.

හොංකොං කලාපය චීනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් විය යුතු බවට ඉල්ලා සිටින්නන් වෙනුවෙන් පෙනී සිටීම නිසා මෙම මහජන නියෝජිතයන් දෙදෙනාට තවම දිවුරුම් දීමට ඉඩ ලබා දී නැත.