හොංකොං හිටපු නායකයාට සිර දඬුවම්

හොංකොං හිටපු නායක ඩොනල්ඩ් ජං

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හොංකොං හිටපු නායක ඩොනල්ඩ් ජං

විෂමාචාර චෝදනාවකට වරදකරු වූ, හොංකොං හිටපු නායක ඩොනල්ඩ් ජංට මාස විස්සක සිර දඬුවමක් නියම වෙයි.

ඔහු බලයේ සිටි කාලය ඇතුළත චීනයේ සුඛෝපභෝගී මහල් නිවාසයක් සම්බන්ධයෙන් විෂමාචාරයක් සිදුකර ඇති බවට අධිකරණය තීන්දු කර තිබේ.

බන්ධනාගාර රථයකින් උසාවියේ සිට සිර මැදිරියට

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, බන්ධනාගාර රථයකින් උසාවියේ සිට සිර මැදිරියට

වසර 2005 සිට 2012 දක්වා හොංකොං කලාපය පාලනය කරනු ලැබුවේ ඩොනල්ඩ් ජං විසිනි.

මෙතෙක් හොංකොංහි වංචා හා දූෂණ චෝදනා පිළිබඳව පැවැත්වුණු නඩු විභාගයකට මුහුණදුන් ජ්‍යෙෂ්ඨතම බලධරයා මොහුය.