හොංකොං සභිකයන් දෙදෙනකුට චීනයෙන් බාධා

හොංකොං සභිකයන් දෙදෙනකුට චීනයෙන් බාධා

ඡායාරූප මූලාශ්‍රය, EAP

ඡායාරූප ශීර්ෂ වැකිය, හොංකොං පාලක මන්ත්‍රණ සභාවේ ප්‍රධානී කියා සිටියේ නැවත මෙම සභිකයන් දෙදෙනාට නිවැරදි ලෙස දිවුරුම් දීමට අවස්ථාවක් ලබා දෙන බවය.

හොංකොං පාලක මන්ත්‍රණ සභාවට මැතිවරණයෙන් තේරී පත් වූ සභිකයන් දෙදෙනකු දිවුරුම් දීම චීන බලධාරීන් විසින් වළක්වනු ලැබ ඇත.

හොංකොං ප්‍රධාන විධායක නිලධාරී ලියන්ග් චැන්යින් ප්‍රකාශ කළේ බේජිං පාලනයේ එම තීරණය එළෙස ම ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවය.

නිදහස වෙනුවෙන් හඬ නැගීමට සිය දිවුරුම් ප්‍රකාශනය වෙනස් කරමින් කියවූ හොංකොං නිදහස් ව්‍යාපාරයේ ක්‍රියාධරයන් දෙදෙනාගේ දිවුරුම අවලංගු කිරීමට බේජිං බලධාරීන් පියවර ගෙන තිබේ.

හොංකොං සභිකයන් දෙදෙනකුට චීනයෙන් බාධා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කෙසේ වෙතත් හොංකොං පාලක මන්ත්‍රණ සභාවේ ප්‍රධානී කියා සිටියේ නැවත මෙම සභිකයන් දෙදෙනාට නිවැරදි ලෙස දිවුරුම් දීමට අවස්ථාවක් ලබා දෙන බවය.

සිය කතා කිරීමේ නිදහස සහ අධිකරණ ස්වාධීනත්වයට බේජිං පාලනයෙන් බලපෑම් එල්ල වන බවට හොංකොං නිදහස් ව්‍යාපාරය චෝදනා කරයි.