ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බෙයිජිං නියෝජිතයෙකු නිසා හොංකොං නොසන්සුන්
චීනයේ බෙයිජිං පාලනය නියෝජනය කරන වඩාත් ජ්‍යේෂ්ඨතම චීන නිලධාරියෙකු වන ෂන් ඩිජියැන් (Zhang Dejiang) ගේ තුන්දින සංචාරය හේතුවෙන් හොංකොං හි ඉතා දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබේ.
2014 වසරේ ප්‍රජාතත්‍රවාදය ඉල්ලා හොංකොං හි පැවති ඇති විශාල විරෝධතා වලින් පසු ඔහු පැමිණියේ ප්‍රථම වතාවටයි.
හය දහසක පොලිස් භට පිරිසක් ආරක්ෂාව සඳහා සේවයේ යොදා තිබෙන අතර ව්රෝධතා කරුවන් විසින් දමා ගැසීමේ ආයුධ ලෙස භාවිතා කරනු වැළැක්වීම පිණිස පදික වේදිකාවල ඇති සිමෙන්ති ගල් කැට ගැලවිය නොහැකි වනසේ තදින් සවිකර ඇති බවයි වාර්තා වන්නේ.
හොංකොං වෙත පැමිණීමෙන් පසු ෂන් ඩිජියැන් (Zhang Dejiang) පැවසුවේ තම සංචාරය සවන්දීමට, සොයා බැලීමට සහ අදහස් හුවමාරු කර ගැනීමට යොදා ගන්නා බවයි.
"මම ආවේ හොංකොං වල විශේෂ පරිපාලන කලාපයට සවන් දෙන්න. විශේෂයෙන් ප්‍රධාන විධායක නිලධාරියා සහ රජයේ වැඩකටයුතු ගැන. සමාජයේ විවිධ කොටස් වලින් කෙරෙන යෝජනා සහ ඉල්ලීම පිළිබඳව සලකා බලා එකම රටක් ක්‍රමවේදයන් දෙකක් යන පදනම මත හොංකොං වල ස්වයං පාලනය තුළ ස්වයං නීර්ණ අයිතිය සහ මුලික නීතිය ස්ථාපිත කරන්න" යනුවෙනුයි ඔහු පැවසුවේ.