ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"මුගාබේගේ මෘතදේහයටත් ජනාධිපතිවරණය ජයගත හැකියි"
තම ස්වාමි පුරුෂයා මියගියහොත් ඔහුගේ මෘතදේහයට පවා මීළඟ ජනාධිපතිවරණයෙන් ජයගත හැකි බව සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේගේ බිරිඳ පවසන්නීය.
සිම්බාබ්වේ ජනාධිපති ආර්යාව වන ග්‍රේස් මුගාබේ මේ බව කියා සිටියේ එරට පාලක පක්‍ෂයේ (Zanu-PF) රැළියක් අමතමිනි.
අනූ දෙහැවිරිදි රොබට් මුගාබේ 1980 වසරේ පටන් සිම්බාබ්වේ ජනාධිපතිවරයා වශයෙන් බලයේ සිටියි.
ජනාධිපති මුගාබේ නායකත්වය දරන 'සානු පී එෆ්' පක්‍ෂයේ රැළියක් අමතමින් පනස්එක් හැවිරිදි ජනපති ආර්යාව තවදුරටත් කියාසිටියේ මරණින් මතු වුවද ජනාධිපතිවරණය ජයගත හැකි තරමට තම ස්වාමි පුරුෂයා ජනප්‍රිය බවය.
"මුගාබේගේ මරණය දෙවියන් තීරණයකළ දවසක, අපේ අපේක්ෂකයා ලෙස ඔහුගේ මෘතදේහය ඡන්ද පත්‍රිකාවට ගෙන එනවා. මුගාබේගේ මළසිරුරට ජනතාව ඡන්දය පාවිච්චිකරන ආකාරය අපිට දැකගන්නට හැකිවේවි. මම විහිලුවට නෙවෙයි කියන්නේ. ජනතාව ඒ තරමට ඔවුන්ගේ ජනාධිපතිවරයාට ආදරෙයි." යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.