ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අන්තර්ජාලයේ දුක කිව්වොත් දඬුවම්
තම දුක් ගැනවිලි සමාජ මාධ්‍යජාලවල පළ කරන හමුදා සොල්දාදුවන්ට දඬුවම් පැමිණවීමට ඉඩ ඇති බව ඉන්දියානු හමුදාපතිවරයා පවසයි.
ජෙනරාල් බිපින් රාවත් ප්‍රකාශ කළේ එම පළකිරීම් මගින් සෙසු හමුදා සාමාජිකයන්ගේ මානසික ශක්තිය බිඳවැටීමක් සිදුවන අතර දුක් ගැනවිලිවලට පිළිතුරුදීම සඳහා හමුදාව සතු වෙනත් ක්‍රමවේදයක් ඇති බවයි.
තමාට උසස් නිලධාරීන්ගේ රෙදි සේදීමටත් සපත්තු පොලිෂ් කිරීමටත් බලු සුරතලුන් ඇවිද්දවීමටත් සිදුවන බවට චෝදනා කරන වීඩියෝවක් හමුදා සොල්දාදුවෙකු විසින් අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලයක පළ කිරීමෙන් පසුව හමුදාපතිවරයා මෙම ප්‍රකාශය නිකුත්කර ඇත.
හමුදා සෙබළුන් මේ ආකාරයෙන් නොකඩවා අන්තර්ජාල සමාජ වෙබ් අඩවි ඔස්සේ තම දුක් ගැනවිලි පළකරන්නේ නම් හමුදා විනය අනතුරට පත්වන බව දැක්වෙන පිළිතුරු වීඩියෝපට නිලධාරීන් විසින් අන්තර්ජාලයට එක්කොට ඇති බව වාර්තාවේ..