ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියානු ප්‍රහාරයෙන් කාශ්මීරය නොසන්සුන්
කාශ්මීරයේ බල අරගලයකට මුහුණ දී සිටින කලාපයේ පාකිස්තාන පාලනය යටතේ පවතින ප්‍රදේශයක ප්‍රහාරක මෙහෙයුමක් ගෙන ගිය බව ඉන්දියානු හමුදා පවසති.
මෙම මෙහෙයුම් දියත් කරනු ලැබුවේ එල්ල විය හැකි ප්‍රහාර කල් තබා වැළක්වීමේ පියවරක් ලෙසින් බවයි ඉන්දියානු හමුදා පවසන්නේ.
කෙසේ වෙතත් පාකිස්තාන හමුදා ඉන්දීය රජය විසින් ඉදිරිපත් කරනු ලබන මෙම හේතු ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙය ඔවුන් විසින් ප්‍රහාර එල්ල කිරීමේ පරමාර්ථයෙන් නිර්මාණය කර ගන්නා ලද හේතුවක් බවයි.
පාකිස්තාන හමුදා පවසන්නේ මත භේදයට තුඩු දී ඇති කාශ්මීර බෙදුම් රේඛාව ආසන්නයේ ඉන්දීය හමුදා සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් පාකිස්තාන සොල්දාදුවන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි.
ඉන්දීය ප්‍රහාරය හෙලා දකිමින් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් කියා සිටියේ මෙය කිසිදු උසිගැන්වීමකින් තොරව එල්ල කරන ලද ප්‍රහාරයක් බවයි.
මේ මස මුල් භාගයේ ඉන්දීය හමුදා කඳවුරකට කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඉන්දියානු සොල්දාදුවන් දහ අට දෙනෙකු මිය යාමෙන් පසු කාශ්මීර කලාපයේ පවතින්නේ ඉතා උණුසුම්කාරී වාතාවරණයකි.