ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාශ්මීරයේ ශ්‍රී නගර් යළිත් උණුසුම්
කාශ්මීරයේ ඉන්දීය පාලනයට එරෙහිව පැවති විරෝධතාවක දී මරුමුවට පත්වූ තරුණයකුගේ අවමංගල්‍යය උත්සවයට හමුදාව විසින් එල්ල කළ පෙලට් තුවක්කු සහ කඳුළු ගෑස් ප්‍රහාරයකින් කාශ්මීර ශ්‍රී නගර් හි උණුසුම් තත්වයක් හට ගෙන තිබේ.
මෙම අවමංගල්‍යය උත්සවයට ගෞරව දැක්වීමට පැමිණි දහස් ගණන් ජනතාව වැළක්වීමට පොලිසිය ගත් උත්සාහයත් සමග ප්‍රචණ්ඩකාරී ගැටුම් හට ගත් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීර කලාපයේ පසුගිය ජූලි මාසයේ නොසන්සුන් තත්වය ආරම්භයේ සිට මේ දක්වා අනූවකට අධික පිරිසක් මරමුවට පත් වී ඇති බව වාර්තා වෙයි.
මොවුන්ගෙන් වැඩි දෙනකු තරුණ විරෝධතාකරුවන් බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
1947 දී ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන සමය අවසන් වීමත් සමග කාශ්මීරයේ පාලනය ඉන්දියාව සහ පාකිස්තානයට බෙදා දී තිබුණි.
කෙසේ වෙතත් කාශ්මීරය සම්පූර්ණයෙන්ම තමන්ට අයිති බවයි දෙරටම හිමිකම් කියමින් ප්‍රකාශ කරන්නේ.