පැහැරගත් දැරිය වසර දහඅටකට පසු යළි හමුවේ

Kamiyah Mobley as a baby and the arrested Gloria Williams

ඡායාරූප මූලාශ්‍රය, Jacksonville Sheriff's Office

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර දහඅටකට පෙර පැහැර ගැනුණු කමියා මොබ්ලි සහ ඇය පැහැරගත් බවට සැක කෙරෙන ග්ලෝරියා විලියම්ස් නමැති කාන්තාව

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජැක්සන්විල් නගරයේ රෝහලකින් සොරකම් කරන ලද අලුත උපන් බිළිඳියක වසර දහඅටකට පසු යළි හමු වී ඇති බව පොලිසිය පවසයි.

1998 වසරේදී පැහැර ගන්නා ලද කමියා මොබ්ලි පිළිබඳ හෝඩුවාවක් ලැබී ඇති අතර එම හෝඩුවාව ඔස්සේ ගිය පොලිසියට දකුණු කැරොලිනා ප්‍රාන්තයේදී ඇය සොයා ගැනීමට හැකි වී තිබේ.

පැහැර ගැනීමේ චෝදනා මත පනස් එක් හැවිරිදි ග්ලෝරියා විලියම්ස් නමැති කාන්තාවට එරෙහිව බලධාරීන් විසින් නඩු පවරා ඇත.

පැහැර ගැනීමෙන් අනතුරුව මොබ්ලිගේ නම වෙනස් කොට ඇති අතර ග්ලෝරියා විලියම්ස් ඇයගේ මව ලෙස කටයුතු කොට ඇතැයි විශ්වාස කරේ.

මොබ්ලි යළි හමු වීමේ පුවත ඇයගේ සැබෑ දෙමව්පියන් වෙත දන්වා තිබේ.

ඩීඑන්ඒ පරීක්ෂණ තුළින් මොබ්ලිගේ අනන්‍යතාවය තහවුරු කර ගත් බව ජැක්සන්විල් නගර බලධාරීහු පවසති.

දහඅට වැනි වියේ පසුවන ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව බලධාරියෙක් වැඩිදුරටත් කියා සිටියේය.