ඉන්දියාවේ දුම්රිය අනතුරකින් සියයක් මරුට

India

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, සහන සේවකයෝ අනතුරට පත් දුම්රිය මැදිරි වල යකඩ තහඩු කපමින් ඒවා තුළ සිරවී සිටින්නන් බේරාගැනීමේ මෙහෙයුමක යෙදී සිටිති

උතුරු ඉන්දියාවේ සීග්‍රගාමී දුම්රියක් පීලී පැනීම හේතුවෙන් සියයකට අසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත්වී තවත් එකසිය පනහකට වැඩි පිරිසක් තුවාල ලබයි.

නගරාන්තර සීග්‍රගාමී සේවාවට අයත් දුම්රිය මධ්‍යම ඉන්දියාවේ ඉන්දෝර් සිට නැගෙනහිර පළාතේ පට්නා වෙත ධාවනය වෙමින් තිබියදී උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කන්පූර් නගරය ආසන්නයේ දී අනතුර සිදුවිය.

India

ඡායාරූප මූලාශ්‍රය, AFP

හිරු උදාවට පෙර අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය මගීන්ගෙන් වැඩි පිරිසක් නින්දට වැටී සිටි බව වාර්තාවේ.

සහන සේවකයෝ අනතුරට පත් දුම්රිය මැදිරි වල යකඩ තහඩු කපමින් ඒවා තුළ සිරවී සිටින්නන් බේරාගැනීමේ මෙහෙයුමක යෙදී සිටිති.

India

ඡායාරූප මූලාශ්‍රය, AFP

තවත් මගීන් මැදිරිතුළ සිරවී සිටින බවට විශ්වාස කෙරෙන බැවින් තුවාලකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බව වාර්තාවේ.