ඉතාලියේ තවත් අතිප්‍රබල භූමිකම්පාවක්

ඡායාරූප මූලාශ්‍රය, Monksofnorcia
මධ්‍යම ඉතාලියේ නැවතත් අධිබල භූමිකම්පාවක් ඇතිවිය.
පසුගිය අගෝස්තු මාසයේ දී පුද්ගලයන් තුන් සියයකට ආසන්න පිරිසකට මරු කැඳවමින් භූමිකම්පාවක් සිදුවූ ප්‍රදේශයට ආසන්නව මෙය සිදුවිය.
ඉතාලියේ මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන්කර ඇති ආකාරයට මෙවර භූ චලනය රික්ටර් මාපකයේ 6.5 ක අගයක් වාර්තා කර ඇති අතර එය 1980 දී ඇතිවූ ඉර්පිනියා භූමිකම්පාවෙන් පසු ඉතාලියේ ඇතිවූ ප්‍රබලතම භූ චලනයවේ.
(ඉර්පිනියා භූමිකම්පාවෙන් පුද්ගලයන් දෙදහසකට වැඩි පිරිසක් මරුමුවට පත්විය)
දිනපහකට පෙර රික්ටර් මාපකයේ 6.1 වාර්තා කළ භූමිකම්පාව පැවති ප්‍රදේශයේ මෙවර භූචලනය සිදුවුයේ උදෑසන 7.40 ට පමණය.
නොර්සියා නගරය් සාන්ත බෙනඩික්ට් හි පිහිටි මධ්‍යකාලීන බැසිලිකා දෙව්මැදුර විනාශවී ඇති අතර වික්ෂිප්තභාවයට පත් පුජකයන්, කන්‍යා මව්වරුන් සහ කන්‍යා සොහොයුරියන් නගර මධ්‍යයේ රැස්වී සිටිති.
අසන්න නගරයක් වන උසිටා නගරයේ නගරාධිපති මාර්කෝ රිනාල්ඩි ප්‍රකාශ කළේ තමන් අවට ඇති සියලු දේ කඩාවැටී ඇතිබැවින් යුදපිටියක ගියා වැනි හැඟීමක් ඇතිවන බවය.
අගෝස්තු මස භූමිකම්පාවෙන් විනාශයට පත් ඇමට්‍රිච් නගරයට මෙවර තවත් හානි සිදුවී ඇත.
මේදක්වා මරණ කිසිවක් වාර්තා වී නැත.









