ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලෙප්පෝ නගරයට කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර දිගටම
සිරියාවේ අලෙප්පෝ නගරයට ඊයේ රාත්‍රී කාලයේ දිගටම එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් පසු කාලතුවක්කු ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව එහි සිට ලැබෙන වාර්තාවල සඳහන් වේ.
මේ අතර සන්නද්ධකරුවන්ගේ පාලනයේ පවතින නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි රෝහලකට බැරල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.
රජයේ හමුදාව පැරණි නගරය ඉලක්ක කරමින් ෂෙල් ප්‍රහාර එල්ල කරන බවත් තවත් ප්‍රදේශ දෙකක කළහකාරී ගැටුම් පැවති බවත් සිරියානු මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂකයන් ප්‍රකාශ කර තිබේ.
රජයේ පාලනයේ පවතින අලෙප්පෝ නගරයේ බටහිර ප්‍රදේශය ඉලක්ක කර කැරලිකාර කණ්ඩායම් ද කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ.