ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සාකච්ඡා අසාර්ථක වෙද්දී අලෙප්පෝ නගරයට ගුවන් ප්‍රහාර
කැරලිකරුවන්ගේ පාලනයේ පවතින සිරියාවේ අලෙප්පෝ නගරය දෙවන දිනයේදීත් ගුවන් ප්‍රහාර වලට ලක්විය.
නගරය යළි අත්පත් කරගැනීම සඳහා පහරදීම් කරන බවට සිරියානු රජය විසින් නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුවයි මෙසේ මෙහෙයුම් දියත්වී ඇත්තේ.
විරුද්ධවාදී සටන්කරුවන් සිටින ප්‍රදේශවලින් ඉවත්වී සිටින ලෙස රජය සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා ඇති අතර ඔවුනට පලා යාම සඳහා ඇතැම් ස්ථාන විවෘත කරනු ඇති බවයි ප්‍රකාශ කළේ.
අලෙප්පෝ නගරය තුළ සිටින ක්‍රියාධරයන් පැවසුවේ හිරු උදාවත් සමග ගුවන් ප්‍රහාර ආරම්භවූ අතර ඉන්පසු කාලතුවක්කු ප්‍රහාරද එල්ලවූ බවයි.
ස්වේච්ඡා සහන සේවකයෙකු පැවසුවේ දැනට සිදුවෙමින් තිබෙන්නේ සමූලඝාතනයක් බවයි.