'අලෙප්පෝ සුන්බුන් වලට යටවූ පිරිස් මුදාගන්න කවුරුවත් නැහැ'

අලෙප්පෝ නගරය හා ඒ අවට පවතින ගැටුම් නවතා දමමින් සැබෑ නායකත්වය පෙන්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරියාවේ මානවීය කටයුතු පිලිබඳ ප්‍රධානී ජෑන් ඉගිලන්ඩ් රුසියාවෙන් සහ ඇමරිකාවෙන් ඉල්ලයි.

සහනාධාර රැගත් ට්‍රක් රථ වලට ඇතුළුවීමට ඉඩ සලසමින් කැරලිකරුවන් අත පවතින ප්‍රදේශ වල සිටින සාමාන්‍ය ජනතාව වෙත බෝම්බ හෙලීම නවතා දැමිය යුතු බවයි ඔහු පවසන්නේ.

වොෂින්ටනය සහ මොස්කව් අතර වූ සටන් විරාම එකඟතාව බිඳී යාමත් සමග සිරියානු සහ රුසියානු යුද ගුවන් යානා මගින් ප්‍රහාර එල්ලකෙරෙමින් පවතී.

සහනාධාර සේවකයන් පවසන ආකාරයට බොහෝ පිරිස් ගොඩනැගිලි සුන් බුන් වලට යටවී සිටින අතර ඔවුන් බේරාගැනීම සඳහා ප්‍රමාණවත් සහන සේවකයන් පිරිසක් නොමැත.