ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමරිකානු න්‍යෂ්ඨික බල ප්‍රහාරක යානා කොරියානු අහසට
ඇමරිකාව විසින් තම හිතවාදී පාර්ශවය වන දකුණු කොරියාවට ඉහළින් ඇති අහසට න්‍යෂ්ඨික බලය සහිත 'සුපර්සොනික්' බෝම්බ ප්‍රහාරක යානා දෙකක් ඒවා ඇත.
මෙය පැහැදිලි ලෙසම තම ප්‍රතිවාදී උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාව විසින් තම බලය ප්‍රදර්ශනය කිරීමකි.
B-1B නමැති බෝම්බ ප්‍රහාරක යානා දකුණු කොරියාවේ ඔසාන් ගුවන් හමුදා කඳවුරට ඉහළ අහසේ පියාසර කළ බවයි වාර්තා වන්නේ.
උතුරු සහ දකුණු කොරියා දෙරටේ දේශසීමාවෙන් කිලෝමීටර 120 ක් තරම් ආසන්න ප්‍රදේශයකයි දකුණු කොරියානු 'ඔසාන්' කඳවුර පිහිටා තිබෙන්නේ.
කොරියානු අර්ධද්වීපයේ දේශපාලන ආතතිය වැඩිවන අවස්ථාවලදී ඇමරිකානු ගුවන් යානා පියාසර කිරීම සාමාන්‍ය දෙයක් බවයි පැවසෙන්නේ.
පසුගිය සතියේ උතුරු කොරියාව මේ වසරේ සිදුකළ දෙවන න්‍යෂ්ඨික අත්හදා බැලීම සිදුකළ අතර දිග දුර න්‍යෂ්ඨික මිසයිල නිපදවීමේ ඉලක්කයට ඔවුන් ලඟාවෙමින් සිටින බවටයි අනතුරු ඇඟවීම් පළවන්නේ.