'බ්‍රිතාන්‍යය ඉවත්වීම යුරෝපය දුර්වල කිරීමක්'

Russian deputy prime minister Arkady Dvorkovich

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අර්කාදී ද්වොර්කොවිච් පවසන්නේ යුරෝපා එකමුතුව දුර්වල කිරීමට රුසියානු ජනාධිපතිවරයාට අවශ්‍ය නොවූ බවයි

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කිරීම හේතුවෙන් යුරෝපය දුර්වල වී ඇති බව රුසියාවේ නියෝජ්‍ය අගමැතිවරයා පවසයි.

ජුනි මස පැවති ජනමත විචාරණය හේතුවෙන් අවිනිශ්චිතතා ඇතිවී ඇති බවයි බීබීසීය සමග අදහස් දක්වමින් අර්කාදී ද්වොර්කොවිච් කියා සිටියේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සහය පළකරමින් යුරෝපයේ එකමුතුභාවයට හානි පැමිණවීමට රුසියානු ජනාධිපති ව්ලදමීර් පූතින් ට අවශ්‍ය නොවූ බව සඳහන් කළ ඔහු පැවසුවේ රුසියාවට ශක්තිමත් පාර්ශව කරුවන් අවශ්‍ය බවයි.

බ්‍රිතානය අවසානයේ ඉවත්වීයාම හේතුවෙන් රුසියාවට එරෙහිව යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක වල විශාල වෙනසක් සිදු නොවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග යුරෝපා සංගමය රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතුකළේය.