දැන් ඉතිං සමුගන්න වෙලාවයි ...

ඡායාරූප මූලාශ්‍රය, Facebook
වසර හැට දෙකක් තිස්සේ එක්ව ගතකළ මහළු විවාහක යුවලක් බලහත්කාරයෙන් වැඩිහිටි නිවාස දෙකක වෙන්ව ගතකරීම සඳහා යැවූ පුවතක් කැනඩාවෙන් වාර්තාවේ.
83 හැවිරිදි වොල්ෆ්රම් ගොට්ෂෝක් සහ ඔහුගේ බිරිඳ 81 වියැති ඇනීටා කඳුළු සළමින් සමුගන්නා ඡායාරුපය සහිත පුවත අන්තර්ජාලය ඔස්සේ අති විශාල ප්‍රසිද්ධියක් ලැබුවෙ ඔවුන්ගේ මිනිපිරිය විසින් එය සමාජ මාධ්‍ය ජාලාවකට එක්කරනු ලැබීමෙන් පසුවයි.
ඈෂ්ලි බැරික් නම් 29 හැවිරිදි මිනිපිරිය පැවසුවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ සරේ ප්‍රදේශයේ එකම වැඩිහිටි නිවාසයක් තුළ දෙදෙනා සඳහාම ඉඩ කඩ නොමැති නිසා ඔවුන් වෙන් කිරීමට සිදුවී ඇති බවයි.
තම බිරිඳ සිටින වැඩිහිටි නිවාසයට යාම සඳහා ඉඩකඩක් ලැබෙන තුරු වසා ගැටිතිවල අබාධයකින් පෙළෙන වොල්ෆ්රම් ගොට්ෂෝක් දැන් බලාසිටින බවයි වාර්තාවන්නේ.
අඟහරුවාදා කඳුළු පිස දමමින් සමුගන්නා 'ඕමි සහ ඔපි' ගේ ඡායාරුපය තම ෆේස්බුක් ගිණුමේ බෙදා හරිමින් ඈෂ්ලි සටහන් කොට තිබුණේ තමා විසින් ගත් වඩාත් දුක්මුසු ඡායාරුපය එය බවයි.
මේ වන විට මාස අටක් තිස්සේ වෙන්ව ජීවත්වන මෙම වයෝවෘද්ධ යුවල ඔවුන් හමුවන හැම අවස්ථාවක දීම කඳුලුසලන බවයි මිනිපිරිය පවසන්නේ.
මොවුන් දෙදෙනා නැවත එක් කිරීම සඳහායි ඈෂ්ලි මුහුණු පොත ඔස්සේ ආධාර ඉල්ලා ඇත්තේ.




