හිලරිට සහ ඩිමොක්ක්‍රටික් සහායකයන්ට 'හැකරුන්' ගෙන් ප්‍රහාර

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඩිමොක්ක්‍රටික් පක්ෂයට එල්ල කෙරෙන අතිවිශාල සයිබර් ප්‍රහාරයක කොටසක් ලෙස ඇමරිකානු ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ගේ ඡන්ද ව්‍යාපාරයට අදාළ පරිගණක සියල්ල 'හැකරුන්' ඇතුල්වී ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.
නවතම සයිබර් ප්‍රහාරය ඩිමොක්ක්‍රටික් ජාතික සභාවෙ සහ ඩිමොක්ක්‍රටික් මැතිවරණ ව්‍යාපාර කමිටුවේ පරිගණක තුළ තිබූ දත්ත වලට බලපා ඇති බවයි සඳහන් වන්නේ.
මෙම සයිබර් ප්‍රහාර රුසියානු රජය වෙනුවෙන් කටයුතු කරණ ඒජන්තයින් සිදුකළ බවටයි ඇමරිකානු බලධාරීන් විශ්වාස කරන්නේ.
ඇතැමුන් සිතන්නේ ජනාධිපතිවරණයට බලපෑම් කිරීමට රුසියාව උත්සාහ කරන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එහෙත් රුසියාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර වොෂින්ටනයේ රුසියානු විරෝධී ප්‍රකාශ හෙලා දැක තිබේ.
කෙසේවුවද සිකුරාදා ක්ලින්ටන් ඡන්ද ව්‍යාපාරය පැවසුවේ අනෙකුත් සහයක කණ්ඩායම් සමග හුවමාරු කරගත් සමීක්ෂණ දත්ත බාහිර පිරිසක් විසින් ලබාගෙන ඇති බවයි.
එහෙත් අභ්‍යන්තර තොරතුරු ජාලයට හානියක් සිදුවී නැති බවයි මාධ්‍ය ලේකම් නික් මෙරිල් ප්‍රකාශ කළේ.
ඇමරිකානු රහස් ඔත්තුසේවාව මෙම චෝදනාව පිලිබඳ පරීක්ෂණ පවත්වන බවයි.
ඩිමොක්ක්‍රටික් ජාතික සභාවෙ ඊ මේල් පණිවුඩ හැකරුන් විසින් සොරාගන්නා ලද බවයි පසුගිය සතියේ පක්ෂ සමුළුව පැවති සැන්දෑවේ වාර්තා වූයේ.
නාමයෝජනා සඳහා පැවති මූලික ඡන්ද විමසීම් වල දී හිලරි ක්ලින්ටන්ට එරෙහිව ඩිමොක්ක්‍රටික් පක්ෂ නිලධාරීන් බර්නි සැන්ඩර්ස් ට පක්ෂපාතීව කටයුතු කළ බවටයි ඊ මේල් පණිවුඩ මගින් හෙළිවී තිබුණේ.
මෙම තත්වය හේතුවෙන් පක්ෂයේ සභාපතිනියක් ලෙස කටයුතු කළ ඩෙබී වසර්මන් ෂුල්ට්ස් ට තනතුරින් ඉලා අස්වීමට සිදුවූ අතර ෆිලඩෙල්ෆියා හි පැවති පක්ෂ සමුළුවේ දී විරෝධතාවයන් ද ඇති විය.









