ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාලිබාන්වරු IS ප්‍රහාරය හෙළා දකිති
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පැවති විරෝධතා පෙළපාලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය පවසයි.
ප්‍රහාරයට ගොදුරු වී හැටහතර දෙනකු මරුමුවට පත් වී ඇති අතර දෙසිය හැට පස් දෙනකු තුවාල ලබා තිබේ.
නව විදුලි රැහැන් පද්ධතියක් මුල් කර ගනිමින් ෂීයා මුස්ලිම් ජන කොට්ඨාශයට අයත් හසාරා ප්‍රජාව විසින් පෙළපාලිය සංවිධානය කොට තිබිණි.
හසාරා ජන ප්‍රජාව වැඩි වශයෙන් වෙසෙන පළාත් ''මගහැර'' විදුලි රැහැන් පද්ධතිය ඉදිවන බවට ඔවුහු චෝදනා කරති.
තාලිබාන් සංවිධානය විසින් ප්‍රහාරය හෙලා දැක තිබේ.
ඉස්ලාම් රාජ්‍යය සංවිධානය නැගෙනහිර ඇෆ්ගනිස්තානය තුළ ප්‍රහාර සිදු කොට ඇති නමුත් මීට ඉහතදී කාබුල් අගනුවරට එල්ල වූ ප්‍රහාරවලට තමා සම්බන්ධ බව ප්‍රකාශ කොට නොතිබුණි.