ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාබුල් බස් රථයකට මාරාන්තික බෝම්බ ප්‍රහාරයක්
කාබුල් නුවර නේපාල ආරක්ෂක නිලධාරීන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක භටයන් දාහතර දෙනෙකුවත් මිය ගොස් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුට තුවාල සිදු වී ඇති බව ඇෆ්ගනිස්තාන බලධාරීහු පවසති.
රාමදාන් උත්සව සාමය ආරම්භ වීමෙන් පසු කාබුල් නුවරට එල්ල කෙරුණු පළමු මාරාන්තික ප්‍රහාරය ලෙස මෙම බෝම්බ පිපිරීම පෙන්වා දිය හැකි බවයි බලධාරීන් පවසන්නේ.
ඇෆ්ගනිස්තානයේ පිහිටි කැනේඩියානු තානාපති කාර්යාලයේ සේවය කළ නේපාල ජාතික ආරක්ෂක නිලධාරීන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකටයි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ.
බෝම්බ කරු බස් රථය ගොඩනැගිල්ලෙන් පිටත් වී ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ ස්ථානයට පැමිණෙන තුරු එම ස්ථානයේ රැදී සිට ප්‍රහාරය සිදු කර ඇති බවයි ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශය ප්‍රකාශ කළේ.
කාබුල් නුවරට එල්ල කෙරුණු බස්රථ බෝම්බ ප්‍රහාරයේ වගකීම තාලිබාන් සංවිධානය විසින් භාර ගෙන තිබේ.
ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ බෙධාක්ශාන් ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණයකට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් අට දෙනකු මිය ගොස් තවත් දහ අට දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.