ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංග්ලාදේශයේත් ගංවතුර: පහක් මරුට
මහා කුණාටුවට සුදානම් වෙමින් සිටින බංග්ලාදේශයේ දැනටමත් අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකුවත් මියගොස් තවත් දස දහස් ගණනකට නිවෙස් හැර යාමට සිදුවී ඇති බව වාර්තාවේ.
ඉතා දැඩි සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් ගස් පෙරළීමේදී සහ නිවෙස් කඩා වැටීමේදී පුද්ගලයන් ඒවාට යටවීමෙන් අනතුරු සිදුවී තිබේ.
වරාය කීපයක් වසා දමා තිබෙන අතර බලධාරීන් පවසන්නේ වෙරළාසන්න පහත් ප්‍රදේශ වල පදිංචි මිලියන දෙකකට වැඩි ජනතාවක් මේ වන විටත් නිවෙස් වලින් ඉවත්කරමින් සිටින බවයි.