ලන්ඩනයේ දේපළ හිමි දූෂිතයන් හෙළි වන ලකුණු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලන්ඩනයේ දේපළ හිමි විදේශීය සමාගම් වල සැබෑ හිමිකරුවන් කවුරුන්ද යන්න ලියාපදිංචි කොට ප්‍රසිද්ධියට පත් කරන ලෙස එම සමාගම් වලට බලකිරීමට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් බලාපොරොත්තු වෙයි.
ඒ පිළිබඳව ලන්ඩනයේ පැවැත්වෙන දුෂණ විරෝධී සමුළුවේ දී බ්‍රිතාන්‍ය අගමැතිවරයා විසින් නිවේදනය කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ මගින් දුෂිත පුද්ගලයන් සහ රටවල් විසින් විසින් මුදල් විශුද්ධිකරණය කිරීම සහ අයථා ලෙස ඉපැයූ ධනය සඟවා තැබීමට ලන්ඩනයේ දේපළ වෙළඳාම යොදාගැනීම නවතා දැමීමට අපේක්ෂා කෙරේ.
තවත් රටවල් ගණනාවක් සමාගම් වල සැබෑ හිමිකම් පිලිබඳ ලේඛණ සකස් කිරීමට කටයුතු කරනු ඇති බවයි වාර්තාවල සඳහන් වන්නේ.
රටවල් පනහක පමණ නියෝජිතයන් ලන්ඩනයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වී සිටිති.




