'තොරතුරු දැන ගැනීමේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි'

ඡායාරූප මූලාශ්‍රය, Proprint
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක් ඉදිරිපත් වී තිබේ.
එම පෙත්සම් තුනේ වග උත්තර කරු ලෙස නම් කර තිබෙන්නේ නීතිපතිවරයායි.
ලංකා තොරතුරු තාක්ෂණ වේදීන්ගේ සංගමය සහ තවත් සාමාන්‍ය පුරවැසියන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම්කරුවන් පවසන්නේ මෙම පනත් කෙටුම්පත මගින් රජය ජාත්‍යන්තරය සමග අත්සන් කරන වෙළඳ ගිවිසුම් පිළිබඳ ව තොරතුරු අනාවරණය කිරීම වළක්වා ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Lanka Business Online
මේ තුළින් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිය උල්ලංඝනය වන බවයි ලංකා තොරතුරු තාක්ෂණ වේදීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී තිෂ්‍ය වේරගොඩ කියා සිටියේ.
“මේ තුළින් රජය ජාත්‍යන්තරය සමග එළඹෙන ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් පිළිබඳ ව තොතුරු මහජනයා වෙත දැනුම් දීම අහුරා තිබෙනවා. මෙය මුලික අයිතීන් කඩ කිරීමක් “ නීතිවේදී වේරගොඩ ප්‍රකාශ කළේය.
එබැවින් අදාළ වගන්තිය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරනයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ.




