ලලිත් - කුගන් අතුරුදහන්වී වසර හතරක්

ලලිත්ගේ පියා ආරුමුගම් වීරරාජ්
ඡායාරූප ශීර්ෂ වැකිය, ලලිත්ගේ පියා ආරුමුගම් වීරරාජ්

ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් නැමති දේශපාලන ක්‍රියාකාරිකයින් දෙදෙනා අතුරුදහන්වී අද දෙසැම්බර් නම වෙනිදාට වසර හතරක් සපිරෙයි.

අතුරුදහන් වූවන් පිළිබදව තොරතුරු සෙවීම පිණිස යාපනයට ගිය අවස්ථාවේදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් ඔවුන් දෙදෙනා පැහැර ගෙන ගිය බවට තොරතුරු ඇති බව ලලිත්ගේ පියා වන ආරුමුගම් වීරරාජ් පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණට එක්වී දේශපාලන කටයුතු කරමින් සිටියදී එම පක්ෂය කොටස් දෙකකට කැඩී පෙරටුගාමී පක්ෂය බිහිවීමත් සමගම ලලිත් සහ කුගන් එම පක්ෂයේ දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටියහ.

ලලිත් - කුගන් අතුරුදහන්වී වසර හතරක්

ඡායාරූප මූලාශ්‍රය, BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ලලිත් - කුගන් අතුරුදහන්වී වසර හතරක්

පවතින තොරතුරුවලට අනුව මේ දෙදෙනා කොතැනක හෝ රදවා සිටින බව පවුල්වල සාමාජිකයන් විශ්වාස කරණ බව ලලිත්ගේ පියා ආරුමුගම් වීරරාජ් පැවසුවේය.

ලලිත් අතුරුදහන්වීම නිසා පවුලේ ආර්ථිකය බිඳ වැටුණු බවත්, ඔහුගේ මව, පුතු නැති ශෝකය නිසා සිහිසුන්ව බිම ඇද වැටී ඔත්පල තත්ත්වයකින් පසුවන වගත් ඔහු සදහන් කළේය.

ලලිත් සහ කුගන් අතුරුදහන්වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොණු කොට ඇති නඩුව පිළිබදව අදහස් දැක්වූ එම නඩුව වෙණුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් බෝපගේ පැවසුවේ දැනට ඉදිරිපත් කොට සිටින සාක්කිකරුවන් ලවා අධිකරණයට ඔප්පු කිරීමට සූදානම් වන්නේ මේ දෙදෙනා පැහැර ගෙන යන ලද්දේ රජයේ ආරක්ෂක අංශ හා පොලීසිය විසින් යන කාරණය බවයි.

එය එසේ නම් ඔවුන් දෙදෙනා කුමන හෝ ස්ථානයක රඳවා ගෙන සිටින බවට පිළිගැනීමක්ද සිදු වන බව කී නීතිඥවරයා පසුගිය රජයේ හිටපු කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එසේ පැවසූ හඩ පටය අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති බවද කියා සිටියේය.

මෙම හඬ පටයේ සාක්කිය මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අවස්ථා තුනකදීම අධිකරණය හමුවේ පෙනී සිටි

ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්

න මෙන් නියෝග කළත් ඔහු අධිකරණය මග හැර සිටීම නිසා පසුගිය නඩු වාරයේදී ඔහු අත් අඩංගුවට ගෙන මීළග නඩුවාරයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරණ මෙන් විනිසුරුවරයා වරෙන්තුවක් නිකුත් කොට ඇති බවද නුවන් බෝපගේ නීතිඥවරයා පැවසුවේය.

ලලිත් - කුගන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වූ නඩුව මීළගට විභාග වීමට නියමිතව ඇත්තේ ලබන පෙබරවාරි මස තුන්වෙනිදායි.