කැඩ්මියම් නිසා වකුගඩු රෝගය 'රට පුරාම පැතිරේවි'

'හුඟක් විද්‍යාඥයන්ගේ අදහස තියෙන්නේ මේක සාමාන්‍යයෙන් ගොවියන් අතර තියෙන ලෙඩක් කියල. නමුත් ඒක ගොවියන්ට පමණක් තියෙන දෙයක් නෙවෙයි'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'හුඟක් විද්‍යාඥයන්ගේ අදහස තියෙන්නේ මේක සාමාන්‍යයෙන් ගොවියන් අතර තියෙන ලෙඩක් කියල. නමුත් ඒක ගොවියන්ට පමණක් තියෙන දෙයක් නෙවෙයි'
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සංදේශය, ලන්ඩන්

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිර පවතින ප්‍රදේශවල දෛනික ආහාර වේලේ අඩංගු කැඩ්මියම් ප්‍රමාණය අඩු කිරීම පිණිස වහාම පියවර නොගතහොත් ඉදිරි වසර කිහිපය ඇතුලත වකුගඩු රෝගය රට පුරාම පැතිර යා හැකි බවට ශ්‍රී ලාංකික විශේෂඥයෙක් අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මීට ඉහතදී පවත්වන ලද පරීක්ෂණයෙන් පෙන්වා දෙන පරිදි වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව ග්ලයිෆොසෙට් විෂ නාශකය නොවන බවයි, ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල <link type="page"><caption> බීබීසී සංදේශයට</caption><url href="https://audioboom.com/boos/3841780-2015-22" platform="highweb"/></link> කියා සිටියේ.

"හුඟක් විද්‍යාඥයන්ගේ අදහස තියෙන්නේ මේක සාමාන්‍යයෙන් ගොවියන් අතර තියෙන ලෙඩක් කියල. නමුත් ඒක ගොවියන්ට පමණක් තියෙන දෙයක් නෙවෙයි," ආචාර්ය ගම්මම්පිල පැවසීය.

ආචාර්ය ගම්මම්පිල පසුගියදා ලන්ඩනයේදී සිය සොයා ගැනීම් ඉදිරිපත් කරමින්

ඡායාරූප මූලාශ්‍රය, YouTube

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය ගම්මම්පිල පසුගියදා ලන්ඩනයේදී සිය සොයා ගැනීම් ඉදිරිපත් කරමින්

පසුගියදා ලන්ඩන් නුවරදී <link type="page"><caption> සිය සොයා ගැනීම් ප්‍රකාශයට පත් කළ</caption><url href="https://www.youtube.com/watch?v=3QtczosyhS0" platform="highweb"/></link> ආචාර්ය ගම්මම්පිල අවධාරණය කරන්නේ වකුගඩු රෝගය පැතිර යාමට ප්‍රධානම හේතුව ආහාරවල අඩංගු කැඩ්මියම් ප්‍රතිශතය ඉහල යාම බවයි.

"ගොවියන්ට රෝගය වැඩියෙන් වැළඳෙන්නේ ඔවුන් තමන් වවන දේ තමන්ම කන නිසා. නමුත් නගරබද මිනිස්සු සල්ලිවලට ගන්නේ තමන්ගේ ආහාර ද්‍රව්‍ය. ඒගොල්ලන්ගේ මාකට් ඒකට එන ආහාර විෂබීජ වැඩි පලාත්වලිනුත් ලැබෙනවා; විෂබීජ අඩු පලාත්වලිනුත් ලැබෙනවා," යන්න ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික පර්යේෂකවරයාගේ විග්‍රහයයි.

(ආචාර්ය ගම්මම්පිල සමඟ බීබීසී සංදේශය පැවැත්වූ සාකච්ඡාවට සවන් දෙන්න: https://audioboom.com/boos/3841780-2015-22)

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුව ග්ලයිෆොසෙට් විෂ රසායනය බව රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු ක්‍රියාධරයන්ගේ මතයයි.

'ලංකාවේ හැදෙන විදියට වකුගඩු රෝගය හැදෙනවා නම්, ඒකට සම්බන්ධ එකම රසායනික විෂ ද්‍රව්‍යය කැඩ්මියම්'

ඡායාරූප මූලාශ්‍රය, YouTube

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ලංකාවේ හැදෙන විදියට වකුගඩු රෝගය හැදෙනවා නම්, ඒකට සම්බන්ධ එකම රසායනික විෂ ද්‍රව්‍යය කැඩ්මියම්'

ඒ මතය පිළිගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ග්ලයිෆොසෙට් විෂ රසායනය ශ්‍රී ලංකාව තුල තහනම් කරනු ලැබ ඇතත් ඇතැම් ප්‍රදේශවල <link type="page"><caption> තවමත් එම රසායනය වැඩි මිලට අලෙවි කෙරෙන බව </caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/10/151027_sp_kidney_disease" platform="highweb"/></link>වෛද්‍ය ජයසුමන මීට ඉහතදී සංදේශයට පැවසීය.

කෙසේ නමුත් කිසිවකු කැඩ්මියම් අඩංගු ආහාර අනුභව කරන්නේ නම් එමගින් වැළඳෙන එකම රෝගය වකුගඩු රෝගයය යන්න එක්සත් ජාතීන්ගේ පිළිගත් නිර්ණායකවලට අනුකූල නිගමනය බවයි ආචාර්ය කමල් ගම්මම්පිල අවධාරණය කරන්නේ.

"ලංකාවේ හැදෙන විදියට වකුගඩු රෝගය හැදෙනවා නම්, ඒකට සම්බන්ධ එකම රසායනික විෂ ද්‍රව්‍යය කැඩ්මියම්."

ආචාර්ය ගම්මම්පිල මතු කරන කරුණු සම්බන්ධයෙන් විමසීම පිණිස දින කිහිපයක් මුළුල්ලේ වෛද්‍ය චන්න ජයසුමන ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය බහුලව පැතිර යන්නේ 'ජලයෙන් නොවේ; ආහාරවලින් සිරුරට ඇතුළු වන කැඩ්මියම් විෂ රසායනය හේතුවෙන්'
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය බහුලව පැතිර යන්නේ 'ජලයෙන් නොවේ; ආහාරවලින් සිරුරට ඇතුළු වන කැඩ්මියම් විෂ රසායනය හේතුවෙන්'

ග්ලයිෆොසෙට් නිෂ්පාදනය කරන බහුජාතික සමාගම්වල අවශ්‍යතා ඉටු කිරීම පිණිස මෙවැනි තර්කයක් ඉදිරිපත් කරන බවට චෝදනාවක් එල්ල විය හැකි නොවේදැයි යන්න ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකවරයා වෙත බීබීසී සංදේශය යොමු කළ ප්‍රශ්නයක්.

තමන් මෙසේ ඉදිරිපත් කරන්නේ සිය පෞද්ගලික අදහස නොව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතන පිළිගත් මතය බවයි, එයට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිර යන්නේ ජලයෙන් නොව ආහාරවලින් සිරුරට ඇතුළු වන කැඩ්මියම් විෂ රසායනය හේතුවෙන් බව අවධාරණය කරන ඔහු, එම ආහාර බුදීමෙන් වැලකීම රෝගය පැතිරයාම වැළැක්වීමේ එකම ක්‍රමවේදය බව පෙන්වා දෙයි.

"සියයට පනහක් ඇඟට වැටෙන කැඩ්මියම් එන්නේ බත්වලින්," ආචාර්ය කමල් ගම්මම්පිල පවසයි.

"අපි සොයා බලන්න ඕන මොන කුඹුරුවලද වැඩිය කැඩ්මියම් තියෙන්නේ, මොන හාල්වලද වැඩිය කැඩ්මියම් තියෙන්නේ ... අපි වහාම ඒක නවත්තන්න ඕන."