කවුද මේ සිංඤෝ?

ඡායාරූප මූලාශ්‍රය, The Irresistible Rise of Signno
ශ්‍රී ලාංකීය ජන යාතු කර්මයේ පවතින විභවතා සමකාලීන රංග කලාවට, වේදිකා නාට්‍ය කලාවට ගෙන එන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණයක් කිරීම The Irresistible Rise of Signno නිර්මාණය කිරීමේ අරමුණ වූ බව එහි අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩෝ පවසයි.
"විශේෂයෙන්ම යාතුකර්මවල තියන සියලුම ඉන්ද්‍රියයන්වලට ආමන්ත්‍රණය කරන සුළු බව සමකාලීන රංග කලාව ඇතුලේ වර්ධනය කරන්නට පාවිච්චි කරන්න පුලුවන්ද කියන එක තමයි මේකෙදි ටෙස්ට් කරන්නේ," ඔහු පැවසුවේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
නාට්‍ය අධ්‍යක්ෂ සහ පිටපත් රචක ඉන්දිකගේ පර්යේෂණාත්මක නිර්මාණය <italic><link type="page"><caption> The Irresistible Rise of Signno</caption><url href="https://www.indiegogo.com/projects/the-irresistible-rise-of-signno#/story" platform="highweb"/></link></italic> නාට්‍යයේ මංගල දර්ශනය ලබන සතියේ මරදාන අශෝක විද්‍යාලයීය රඟහලේදී පැවැත්වීමට නියමිතයි.
සිය ජීවිතයට වෛර කරන, එය නිමා කිරීමට යත්න දරන සිංඥෝ ගේ කතා පුවත පදනම් කරගත් මේ නිර්මාණය, ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ හදාරන ආචාර්ය උපාධියට අදාලව ඉන්දික ගේ පර්යේෂණයේ නිර්මාණාත්මක අංශයයි.

ඡායාරූප මූලාශ්‍රය, Sunday Observer
සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකම යොදා ගැනීම සිංහල වේදිකාවට අලුත්ම අත්දැකීමක්.
"මම විශ්වාස කරන දෙයක් තමයි, දැනට එක්තරා විදියක <italic>dialogue based theatre</italic> එක, සංවාදය මූලික කොටගත් නාට්‍ය කලාව තමයි වැඩි වශයෙන්ම ප්‍රචලිත සහ ජනප්‍රිය සහ වැඩියෙන්ම සම්භාවනාවට පාත්‍ර වන නාට්‍ය ප්‍රවර්ගය බවට පත්වෙන්නේ," <link type="page"><caption> ඉන්දික ෆර්ඩිනැන්ඩෝ</caption><url href="http://www.sundayobserver.lk/2015/08/23/spe-the-02.asp" platform="highweb"/></link> පැවසුවේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක්වෙමින්.
එනමුත් සිය නවතම නිර්මාණයේ සංවාදය යොදා ගනු ලබන්නේ එහි ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය ලෙසින් නොවන බවයි, ඔහු පවසන්නේ.
"මගේ මූලික ෆෝකස් එක තියෙන්නේ නාට්‍යය නිෂ්පාදනය කරන අර්ථමය පාර්ශවයට වඩා එහි නාට්‍යානුභූතිය වෙත. ඒකෙන් අපි උත්සාහ කරන්නේ නිශ්චිත, එක භාෂාවක් තුලින් සිද්ද කරන ඒකරේඛීය සන්නිවේදනයකින් ඔබ්බට යාමේ අවශ්‍යතාවය තමයි එතෙන්දි අවධාරණය වෙන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, The Irresistible Rise of Signno
කෙසේ නමුත් සිය නිර්මාණයේදී සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙක යොදා ගනු ලබන්නේ එකිනෙක මිශ්‍ර කිරීමෙන් නොවන බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.
සිය නිර්මාණය නරඹන්නට පැමිණෙන පිරිස හුදු 'නරඹන්නන් හෝ ප්‍රේක්ෂකයන්' නොවන බවත්, ඔවුන් සියලු දෙනා සිය නිර්මාණයේ කොටස්කරුවන් බවයි, ඉන්දික ෆර්ඩිනැන්ඩෝ පවසන්නේ.
"සාමාන්‍ය මනුෂ්‍යයාට ඉන්ද්‍රිය ගණනාවක් තියෙනව. නමුත් අපේ සාම්ප්‍රදායික රංග කලාව ඇතුලේ ප්‍රධාන වශයෙන් පාවිචි කරන්නේ ප්‍රේක්ෂකයාගේ ඇස සහ කන යන ඉන්ද්‍රියයන් දෙක විතරයි. නමුත් සිංහල ජන යාතු ක්‍රමයේ තියෙන් එක විශේෂත්වයක් තමයි එය ප්‍රේක්ෂකයාගේ සියලුම ඉන්ද්‍රියයන් ආමන්ත්‍රණය කිරීමට උත්සාහ දරනවා."
මේ නාට්‍යයට දායක වන සියලුම ශිල්පීන් කිසිදු මුදලක් අය නොකර ස්වේච්ඡාවෙන් සිය නිර්මාණ දායකත්වය සැපයීමත් තවත් විශේෂත්වයක්.








