සෝමලතා දිවි වේදිකාවෙන් බැස යයි

ඡායාරූප මූලාශ්‍රය, Family
ශ්‍රී ලංකා ළමා නාට්‍ය කලා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් බවට පත්වූ අග්‍රගණ්‍ය නාට්‍ය වේදිනියක හා රංගන ශිල්පිණියක වූ සෝමලතා සුබසිංහ අභාවප්‍රාප්ත වුවාය.
මිය යන විට ඇය 79 වැනි වියේ පසුවූ ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය අභාවප්‍රාප්ත වුයේ.
ළමයින් සඳහා නාට්‍ය රැසක් නිර්මාණය කළ ඇය වේදිකා නාට්‍ය රචනය සහ අධ්‍යක්ෂණයෙන් දෙස් විදෙස් පතළ වූ නාට්‍ය ගුරුවරියකි.
ළමයින් සඳහා ඇය නිර්මාණය කළ ‘හිම කුමාරි’, ‘වලස් පවුල’, ‘පුංචි අපට දැන් තේරෙයි’ වැනි නාට්‍ය ශ්‍රී ලාංකීය ළමා නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන සටහන් බවට පත්වී තිබේ.
ප්‍රවීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ලයනල් ප්‍රනාන්දු ගේ දයාබර බිරිඳ වන සෝමලතා ජනප්‍රිය සිනමා හා වේදිකා නිළියක වන කෞශල්‍යා ප්‍රනාන්දු ගේ ආදරණීය මෑණියන් වේ.




