‘තුවක්කු සංස්කෘතිය අවසන් කළ යුතුයි’ ඔබාමා

ඡායාරූප මූලාශ්‍රය,
ඔරිගන් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් නව දෙනකු මරා දමනු ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා තුවක්කු පාලනය සඳහා පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් දුන්නේය.
එක්තරා ආකාරයක කෝපය මුසු ස්වරයකින් අදහස් දැක්වූ ඇමෙරිකානු නායකයා මෙවැනි සමූහ ඝාතන සම්බන්ධයෙන් ඇමෙරිකානු සමාජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා තත්වයකට පත් වී ඇති බවට අනතුරු ඇඟවීමක් ද කරමින් තුවක්කුවක් පහසුවෙන් ලබා ගැනීමට ඇති ඉඩකඩ වෙනස් කළ යුතුව ඇති බවයි පෙන්වා දුන්නේ.
එම ප්‍රාන්තයේ රෝස්බර්ග් නගරයේ විදුහලක දී වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරුවාට පොලිසිය විසින් වෙඩි තබනු ලැබ මරා දමනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AP
එම පුද්ගලයා විසි හතර හැවිරිදි ක්‍රිස් හාපර් මර්සර් හැටියට හඳුනා ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.
ආගම විමසමින්
එක් ශිෂ්‍යයෙක් ප්‍රදේශයේ පුවත්පතකට සිද්ධිය විස්තර කරමින් ‘තුවක්කුකරුවා වෙඩි තැබීම ආරම්භ කරනු ලැබීමට පෙර එහි සිටි ජනතාවගෙන් ඔවුන්ගේ ආගම් විමසන ලද බවයි’පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
රෝස්බර්ග් නගරයේ පූජක වරයෙක් අදහස් දක්වමින් තුවක්කුකරු ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය සිදු කර ඇති බවක් පෙනී යන බව සඳහන් කළේය.
ප්‍රහාරයේ දී මරණයට පත් වූවන් වෙනුවෙන් සමරු වැඩ සටහන් ආරම්භ කෙරෙමින් ඇති බවත් වාර්තා වෙයි.
ප්‍රහාරයේදී තවත් කීප දෙනකුට තුවාල සිදු විය.








